කිත්තානේ කිනත්තේ ගීතය බයිලාවක් නොවේ!

වචන පමණක් දන්නා, සිංහල තේරුම නොදන්නා බීට් එක පමණක් අසන අයට නැගල යන ගීතයක් පමණක් වුවද එය කෝලං නටන බයිලාවක් නොවේ.


කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ යන්නෙහි තේරුම මේ අපේ හත්මුතු පරම්පරාවේ අභිමානවත් කතාව යන්නයි.
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ යන්නෙන් අර්ථවත් වන්නේ සක්විති රජුන් පවා දණ ගැස්වූ අපේ සූර්ය වංශය ගැනයි.

පුප්පානේ පූ පනේ
පැණිරස වෑගේ යන්නෙහි පූප යනු කැවුම්ය. කුස දා කව කියවූ අය දන්නවා ඇත.
  ඉතින් මෙයින් කියවෙන්නේ අතීත පෞඪ සිංහල දේශයේ රාවණ පරපුරේ උං අලුත් අවුරුද්දට සැරසුන ආකාරයයි.

"දබරු බුද්ද බෙරය වයා
රැකෑ කෙලින්නා
කැවිලි පෙවිලි උයා පිහා
හැඩ වැඩ වෙන්නා" නොයෙක් බෙර වර්ග වයමින් අනේක කැවිලි පෙවිලි උයාගෙන ලඳුන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

"අනුරාපුරයේ
සයන් ජාත
කිරිබත් සැදෙනා" අපේම උන් ස්ව උත්සාහයෙන් අස්වැද්දූ අනුරාධපුරේ කුඹුරු වලිනුත්,
"සමනොල සබරේ
මසුරන් වත දනට පිදේනා" සබරගමු ජනයාගේ නැවුම් අස්වැන්නත් එකලු වී බුදුන්ගේ දේශයේ දානය සැකසුන ආකාරයයි.

වසන්තය උදාවී රාවණ දේශයේ උන් එකාමෙන් අවුරුද්දට සැරසුන ආකාරයයි.

"නකුල දේව සේ ජවෙන්
කමතේ බමන්නා
දෙනෙත් කොනෙන් බලා බලා
ලදුන් රගන්නා
පැරණිම දේසේ
කොරලේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට
සියල්ල වෙන්නා" ජව සම්පන්න පිරිමින් ගොවිතැන් කල ආකාරයයි. වසන්ත මහෝත්සවයේ ප්‍රීතිය මධ්‍යයේ තරුණ ලඳුන් ඔවුන් හා ප්‍රේමයෙන් බැඳුනු ආකාරයයි. මුලු දේශයම එකම මොහොතක එකාමෙන් වැඩ කල ආකාරයයි.
  මේ ගැයෙන්නේ දෙව්ලොවට උරුම මදාරා පරසතු පවා පිපෙන මේ වාසනාවන්ත භූමිය ගැනයි. ❤️

  ඉතිං තේරුමක් නොදැන කාටූන් මෙන් වෙල ලඟයි, ලිඳ ලඟයි ඔහේ නටන්න😂😂

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!