ශනි මංගල දොෂයක්ද? යෝගයක්ද?

කුමක්ද මේ ශනි මංගල යෝගය?


ශනි ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම රාශියක සංයෝග වීම ශනි මංගල දෝෂය යැයි හැදින්වේ.ලෝකෝත්තර නියෝජනය කරන ශනිට ලෞකික සැප සම්පත්,කාමාධික බව,රාගය,මුරන්ඩු කම ඇති සටන් කාමී කුජ සංයෝග වීමෙන් මෙය ඇතිවන බවත් යම් පැරණි පොත පතෙහි සදහන්වේ.මෙය ඉතා අශුභ යෝගයක් ලෙසද යම් පොත්වල මෙය ඉතා ශුභ යෝගයක් ලෙසද සදහන් වේ.

විවාහ බාදක දෝශයක් ලෙසද මෙය යම් ජෝතිර්ය වේදීන්ගේ මතය වේ.
මෙම සංයෝගයේදී නොන්ඩියා වූ ශනිට චන්ඩියා වූ කුජ පරජයට පත්වීමෙන් ඇතිවන සිද්ධාන්තයක් ලෙස ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට සිත යොමු වීමෙන් විවාහ ජිවිතයේ ඇති ලිංගික සතුට සැපත අඩු වීමට ඉඩ කඩ ඇත.

ඒසේ නමුත් නියමම සංයෝගය වන්නේ කුජ හා ශනි අංශක 15කට වඩා ලංව පිහිටීමයි.එක රාශියක් වූවද රාශියේ දෙදෙනා අංශක 20කට වඩා දුරින් පිහිටියොත් මෙම කුජ ශනි යෝගය බලවත්ව නොපිහිටයි.
නමුත් අප පරික්ෂන වලින් හෙලිවන්නේ ඒසේ විශාල ඈත්වීමකින් විවාහ හානි නොකරන බවයි.ශුභ දෘශ්ටි අනුවත් ශුභ රාශි අනුවත් ස්ථානය අනුවත් වෙනස් වේ.

මෙම දෙදෙනා 2 වැන්නේ හෝ 8 වැන්නේ සිටියොත් අධික රුධිර පීඩනය වැලදෙන බව හෙන්දරික්ද සිල්වා ශූරීන්ගේ ජිවිතය සහ ග්‍රහයෝ පොතේ සදහන් කර ඇත.

එමෙන්ම මෙම දෙදෙනා පිහිට් පුද්ගලයන් දැඩි ආත්ම ශක්තිය ඇති කරන දේ ඉතා උසස් අයුරින් කරන අයයි.ඉංජිනේරු අංශයේ,යුධ හමුධාව සංබන්ධ,ගුවන් හමුදා, වැනි රැකියා වල වැඩි වශයෙන් නිරත වන්නේද මෙම සංයෝගය ඇති අයයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේද 11 වැන්නේ මෙම යෝගය පිහිටා ඇත.එතුමාගේද චරිතයෙන් මෙම ග්‍රහයෝගය බලය ගැන මොනවට පිලිබිබුවේ.

යම් වර්ෂවල කුජ සහ ශනි මාස 4ත් 5ත් අතර එක රාශියක ගත කරයි.ඒසේ වූවිට මෙම මාස වල උපදින සියලුම ජන්මීන් හට මෙම යෝගය පිහිටන බැවින් ඔවුන්ගේ සියල්ලන්ගෙම විවාහ ජිවිත අසාර්ථක වේද? 
නැත

මේ ප්‍රශ්ණය ශනි මංගල යෝගය දොශයක් යයි කියාගන්නා ජොතීර් වේදින් වෙත.

කුජ ශනි යෝගය ගැන ඕනෑවට වඩා අනවශ්ය බියක් ඇතිකර ගැනීම අවශ්ය නොවන බව සිහිතබාගත යුතුය.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!