පන්සිල්
1. පරපණ නැසීමෙන් වැළකීම -
පාණාතිපාතා වේරමණී
2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම -
අදින්නාදානා වේරමණී
3. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම -
කාමේසු මිච්ඡාචාරා වේරමණී
4. බොරු කීමෙන් වැළකීම -
මුසාවාදා වේරමණී
5. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම -සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී
අටසිල්
1. පාණාතිපාතා - වේරමණී – සික්ඛාපදං සමාදියාමි
2. අදින්නාදානා - වේරමණී - සික්ඛාපදං සමාදියාමි
3. අබ්‍රහ්මචරිය - වේරමනී - සික්ඛාපදං සමාදියාමි
4. මුසාවාදා - වේරමණී - සික්ඛාපදං සමාදියාමි
5. සුරා මේරය මජ්ජ -පමාදට්ඨානා - වේරමණී සික්ඛාපදං සමාදියාමි
6. විකාල භෝජනා - වේරමණී - සික්ඛාපදං සමාදියාමි.
7. නච්ච ගීත - වාදිත - විසූක - දස්සන - මාලා - ගන්ධ - විලේපන- ධාරණ මණ්ඩන -විභූසනට්ඨානා - වේරමණී - සික්ඛාපදං සමාදියාමි.
8. උච්චා - සයන - මහාසයනා - වේරමණී - සික්ඛාපදං සමාදියාමි
අට සිල්රක්නා දවස්
අටසිල් කවර දිනක රැක්කත් මැනවි. එහෙත් පැරණියන් එය රක්නට නියම කැරැ ගත් කාල සීමාවෙක් ද ඇත.
ඒ මෙහි දැක්වේ.
(තිසරණ සහ අට සිල් රක්නා දවස් පොහෝ දවස් නමින් බැවහර යි.)
සිංහල මාස නමින් වැහැරැවෙන තිස් දවසින් පුර පසෙහි විසේනිය දා ද, අටවක් දා ද, තුදුස්වක් දා ද පසොළොස් වක් දා දැ යි පොහෝ සතරකි. අව පසෙහි ත් විසේනිය, අට වක, තුදුස්වක පසොළොස් වක යැ යි පොහෝ සතරෙකි.
මෙ සේ මසක් තුළ සියලු ම පොහෝ අටෙකි.
සමහරු පුර පෑලවිය, පුර සත වක, පුර අට වක, පුර නව වක, පුර තෙළෙස් වක, පුර පසොළොස්වක යැ යි පුර පසෙහි පොහෝ දින සයක් ද, අව පෑළවිය, අව සත වක, අව අටවක,, අව නව වක, අව තෙළෙස්වක, අමාවක (මාසේ පෝය) යැ යි අව පසෙහි පොහෝ සයක් දැ යි පොහෝ දින දොළොසක් කොට ගෙන පෙහෙවස් රකිත් මෙය පටිඡාගරණ උපෝසථ නමින් බැවහර විය.
තව ද වස් තුන් මසත් එයට පෙර පසු දෙ මසත් යන මාස පසේ ම දින පතා ම සමහරු අටසිල් රැක්කහ.
මේ පස් මසට ප්‍රාතිහාර්ය පක්‍ෂ යන ව්‍යවහාර්යෙක් විය.
සමහරු ඇසළ මස ඉල් මස මැදින් මස යන හැම දා ම පෙහෙවස් වූසූහ.
සමහරු වස් තුන් මස ම ප්‍රාතිහාර්ය පක්‍ෂ නමින් ගෙන ඒ මුළු කාලයෙහි පෙහෙවස් වුසූහ.
එය නො හැකි අය චීවර මාසය පමණක් ප්‍රාතිහාර්ය පක්‍ෂ වශයෙන් සලකා පෙහෙවස් රැක්කහ. එය ද කරුනු නො හැකි අය චීවර මාසයේ මුල් දින පසොළොසේ පෙහෙවස් වුසූහ.
මෙ සේ රැකි පෙහෙවස ප්‍රාතිහාර්ය පක්‍ෂ උපෝසථ නමින් වැහැරැවිණ.
පන්සිල් සමාදන් වීමේ දී සේ ම අටසිල් සමාදන් වීමේ දී බුද්ධ භාෂා නමින් සලකනු ලබන ශුද්ධ මාගධි භාෂායේ ම සිල් පද ඒවායේ අදහස් සලකමින් කීම බුද්ධ ගෞරවය ඇති බෞද්ධ සත්පුරුෂයන් ගේ සිරිත ය. ඒ සිල්පද අට අදහස් සහිත ව පහත දැක්වේ.
දසසිල්
01.පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. - පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
02.අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
03.ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
04.මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
05.මත්වීම හා ප්‍රමාදයට කරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
06.විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
07.නැටීමය, ගීත ගැයීමය, වාදනය කිරීමය, උසුළු විසුළු බැලීමය යනදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
නච්ච ගීත වාදිත විසුකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
08.මල් ගඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරවීමය, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීමය යනදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
09.උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
10.රන් රදී මසු කහවනු (මිල මුදල්) ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි. -
ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(මෙය - පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක යන සතර පොහොය දිනයන්හි සමාදන් වන උපෝසථ සීලයකි.)
FOLLOW ME ON FACEBOOK
View Counter
Popular Posts
-
1.අස්විද නැකත:- ප්‍රසන්න පෙනුමක්,බාහිර අලංකරනයට,පිරිසිදුකමට කැමති,කාර්යශූර,අන් අයගේ සිත් දිනා ගන්නට හැකි,බුද්ධිමත්,ආගමට දෙවියන්ට ලැදි වා...
-
ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග තුනක් තිබේ . 1.Acoustic - එකොස්ටික් 2.Classical - කැලසිකල් 3.Electric - ඉලෙක්ට්‍රික් Acoustic - එකොස්ට...
-
මහා ලක්ෂ්මී දේවීන් වහන්සේට නමස්කාර වේවා!!! මහා ලක්ෂ්මී දේවතාවිය කියන්නේ ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල...
-
දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්...
-
කුමක්ද මේ ශනි මංගල යෝගය? ශනි ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම රාශියක සංයෝග වීම ශනි මංගල දෝෂය යැයි හැදින්වේ.ලෝකෝත්තර නියෝජනය කරන ශනිට ලෞකික...
-
අපේ ජිවිතයේ සතුට සැපත පහසුව රදාපවතින්නේ පින් කර්ම නිසා. පින කිවුවම එකපාරට ලෞකික ...
-
කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්යන්ගේ කොඳු ඇට පෙළේ පහළම කොඳු ඇටය අසල පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි...
දස සිල් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් අවශය්‍යි මේ කියන ශික්ෂා පද වලට..
ReplyDeleteනැටිමය ගිත ගැයිමය කියන ශික්ශාව රකිනවනම් දවසෙම කිසිම විටෙක ගිත ගායනයක්, වාදනයක් නොකල යුතුද..අන් අයට හිරිහැරයක් නොවන ලෙසකින් හො කරන්න බැරිද??
මිල මුදල් ගැනිමෙන් වැලකිම කියනකොට අපිට ලැබිය යුතු ණයක් වගේ දෙයක්වත් කෙනෙක්ගෙන් ආපසු ගන්න බැරිද එදාට..
උස් වු අසුන් මහාසන කියන්නෙ මොනාද
අකාලයේ බෝජන ගැනිමෙන් වලකිනවා කියන්නෙ දවසට කන වේල් තුනට අමතරව කැම කන්නෙපා කියලද? නැත්තන් වෙන දෙයක්ද..
ස්තුතියි.
That's good
ReplyDeleteඉතා ම වැදගත් ඉදිරිපත් කිරීමක්. ඉතා නිරවුල්ව, පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන බොහෝ පින්.තෙරුවන් සරණයි.
ReplyDeletebohoma honda deyak.teruwansaranai.bohoma pin
ReplyDeleteබොහොම පින්🙏🙏🙏🙏
ReplyDeleteදසසිල් සමාදන් විය හැක්කේ පොහෝ දින පමණද
ReplyDeleteබොහොම පින් 🙏🙏🙏🙏🙏🙏
ReplyDeleteබොහෝ පිං 🙏🙏🙏
ReplyDeleteThank
ReplyDeleteGood
Delete