කුණ්ඩලිණි ශක්තිය

                            කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්‍යන්ගේ  කොඳු ඇට පෙළේ පහළම කොඳු ඇටය අසල  පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි ශක්තිය මිනිසුන්ට වගේම දෙවියන්ටත් තිබෙනවා. සියලුම දෙවියන්ගේ සියලුම චක්‍ර සක්‍රිය නෑ. ඒත් සියලුම දෙවියන්ගේ ආඥා චක්‍රය/ තෙවැනි ඇස සක්‍රීයයි. මනුෂ්‍යයෙක්ගේ කුණ්ඩලිනි ශක්තිය අජීවී කශේරුකාවක් තුල පවතින් නෑ. එකට හේතුව මේ ශක්තිය පවතින්නේ භෞතික ශරීරය තුල නෙවෙයි ශරීරය ආශ්‍රය කරගෙන පවතින ශක්තිමය ශරීරය තුල. මනුෂ්‍ය ශරීරයක භෞතික ශරීරය ,මනෝමය සුක්ෂම ශරීරය හා ශක්තිමය ශරීරය කියන ශරීර 3ක් පවතිනවා. ශක්තිමය ශරීරයක් කියල හැදින්වුවත් ශරීරයේ හැඩයට සකස්වෙලා තියෙන ශක්තිය ගමන් කරන ශක්ති රැහැන් (නාඩි) රාශියක් පවතින්නේ.

මේ අතර ශක්තිය එක රැස් වෙලා පවතින ස්ථාන වන චක්‍ර 7ක් තියෙනවා. මේවා පිහිටලා තියෙන්නේ භෞතික ශරීරයේ ස්නායු අන්ත එක් රැස් වෙලා තියෙන නිල ආශ්‍රිතව.
1 - මුලාධාර චක්‍රය - පහළම කොඳු ඇටය තුල
2 - ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගාශ්‍රිත ප්‍රදේශයට පිටුපසින්
3 - මනිපුර චක්‍රය - නාභියට අඟලක් පිටුපසින්
4 - අනාහත චක්‍රය - හෘදය මැද ආශ්‍රිතව
5 - විශුද්ධ - උගුර මැද ආශ්‍රිතව
6 - සහස්‍ර - මොළයේ උඩ හරි මැද (තෙල් වල අසල )
7 - ආඥා චක්‍රය - නළල මැද නළල් අස්ථිය හා මොලය අතර

                             මේ චක්‍ර වලින් පළමු චක්‍රය වෙන මුලාධාර චක්‍රයේ කුණ්ඩලිනි ශක්තිය පවතිනවා. මේ ශක්තිය පවතින්නේ නාගයෙක් දරන ගසාගෙන ඉන්න ආකාරය මෙන් වට තුන හමාරක් දරණ ගැසී නිසා කුණ්ඩලිනි කියන නම යෙදිලා තියෙන්නේ. කුණ්ඩලිනිය අවධි වන විට  ඉඩා පිලංග සුෂුම්නා නාඩි 3 ඔස්සේ සුෂුම්නාව තුලින් ශක්තිය ඉහල නගිනවා. ඇත්තටම කුණ්ඩලිනි ශක්තිය කියල හඳුන්වන්නේ චක්‍ර 7ම අවධි වූ විට ඒ සියලු ශක්ති වල එකතුවට. මුලාධාර චක්‍රය විතරක් අවධි උනාට කුණ්ඩලිනිය අවධි කළා වෙන් නෑ.ඒත් කුන්ඩලිනිය අවධි කරගැනීමට මුලින්ම භාවිත කරපු භාවනාවේදී (මීළඟ ලිපියෙන් පැහැදිලි කරන භාවනාව) කරන්නේ මුලාධාරයේ පටන් ඉහල චක්‍ර වලට ශක්තිය ගමන් කරවීමක් නිසා මුලාධාර චක්‍රයේ තියෙන ශක්තිය කුණ්ඩලිනි ශක්තිය විදියට නම් කරලා තියෙනවා. ඒ භාවනාව මගින් අවශ්‍යනම් කුණ්ඩලිණි ශක්තිය එකවර සම්පුර්ණයෙන් අවධි කිරීමත්, එක් එක් චක්‍රය අවධි කිරීමත් කරන්න පුළුවන්. චක්‍ර අතරින් බලගතුම චක්‍රය ආඥා චක්‍රය නිසා එය විවර කරගන්න වෙනම භාවනාවක් ඍෂි වරු උගන්වල තියෙනවා.(පලවෙනි පොස්ට් එකෙන් පැහැදිලි කරපු 3rd eye විවර කරන භාවනාව ). බොහෝ පොත් වල  සහසාර චක්‍රය ආඥා චක්‍රය අවධි උනාට පස්සේ වෙනම අවදි කළ යුතු චක්‍රයක් ලෙස දක්වල තියෙනවා. සහසාර චක්‍රය පවතින්නේ කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අන්තයේ නෙවෙයි ආඥා චක්‍රයට කලිනුයි.

කුණ්ඩලිනි ශක්තිය සම්පුර්ණයෙන් අවධි කරගත් යෝගින්ට ප්‍රධාන සිද්ධීන් 8ක් ලැබෙනවා:

1 - අනිමා - ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම
2 - මහිමා - ශරීරය ඉතා විශාල කරගැනීම
3 - ලඝිමා - ශරීරය ඉතා සැහැල්ලු කිරීම
4 - ඝරිමා - ශරීරය අධික බරක් සහිත කරගැනීම
5 - ප්‍රාප්ති - පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම
6 - ප්‍රකාම්ය - ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්‍යමාන වීම
7 - වශිත්වම් - මිනිසුන් සතුන් මෝහනය කිරීම
8 - ඉෂිත්වම් - දිව්‍යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම,  මරණින් මතු කැමති උපතක් ලැබීම

මෙම ප්‍රධාන 8ට අමතරව තවත් සිද්ධීන් රැසක් ලැබෙනවා:

1 - කුසගින්න පාලනය කිරීම
2 - අධික උණුසුම, සිසිල දරා ගැනීම
3 - දුර තිබෙන දේ දැකීම හා ඇසීම
4 - කාම රූප - කැමති රුපයක් මවාගත හැකි වීම
5 - යතා සංකල්ප - කැමති දේ ඉටු වීම
6 - ත්‍රිකාල ඥාණ - තුන් කල් දක්නා නුවන
7 - මුලද්‍රව්‍ය පරමාණු වෙනස් කල හැකි වීම , වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
8 - දර්ධුරි සිද්ධි - සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
9 - තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
10 - කාමචාරී - එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
11 - අහසින් ගමන් කිරීම

කුණ්ඩලිනි චක්‍ර වල ශක්තිය පවතින්නේ අක්‍රිය ස්වභාවයෙන්. ඒවා කුණ්ඩලිනි යෝග භාවනා මගින් සක්‍රිය කරගැනීමෙන් ඒ ඒ චක්‍ර වලට අදාළ අධිමානසික හැකියාවන් ලැබෙනවා.

මුලාධාර චක්‍රය -  රෝග සුව කිරීම, ගසක් මෙන් පොලව සමග බැඳී නොසෙල්විය හැකි ලෙස සිටීම

ස්වාධිෂ්ඨාන චක්‍රය - ආයුෂ පාලනය කල හැකි වීම, ශරීරයේ තරුණ බව හා ලිංගික ශක්තිය දීර්ඝ කාලින වීම                                    (ස්වාධිශ්ඨාන චක්‍රය අවධි උනාම තමන්ගේ ආයුෂ පාලනය කරන්න පුළුවන්. ආයුෂ පාලනය කිරීමයි අමරණිය වීමයි කියන්නේ 2ක්. දිර්ඝායුෂ ලබාගත හැකි වෙනම භාවනාවක් හිමාලයේ වසන යෝගීන් ප්‍රගුණ කරනවා. මහාවතාර් බාබාජි කියන්නේ ඒ වගේ අවුරුදු 5000ක් පමණ වයස ඍෂි වරයෙක්. එතුමා මිනිසුන්ට හොයාගන්න නොහැකි උනත් තවමත් හිමාලයේ වාසය කරනවා. ඒ භාවනාව පිළිබඳව වෙනම පොස්ටුවකින් ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

මනිපුර චක්‍රය - ආහාර රහිතව දිගු කලක් සිටීමේ හැකියාව, සාන්ද්‍ර අම්ල හා කෘමිනාශක වැනි විෂ සහිත දේ                              දිරවීමේ හැකියාව ,කුසගින්න පාලනය කිරීම

අනාහත චක්‍රය - හෘද ස්ඵන්දනය නැවැත්වීම, හුස්ම නොගෙන සිටීම , මිනිසුන් සතුන් වසඟ වෙන ලෙස                                    මෛත්‍රිය පැතිරවීම

විසුද්ධ චක්‍රය - සියලු භාෂා අවබෝධ වීම,  කතාවෙන් පැරදිය නොහැකි වීම ,අහසින් ගමන් කිරීමේ හැකියාව

සහස්‍ර චක්‍රය - දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි වීම, ලෝකය පිලිබඳ ගැඹුරු දැක්මක් ඇති වීම,                                  විශ්වයේ ඇති දැනුම තමන්ගේ සිතට ලබාගැනීමට හැකි වීම

ආඥා චක්‍රය - රාත්‍රියේදී පරිසරය පැහැදිලිව පෙනීම, තුන්කල් දක්නා හැකියාව, අනුන්ගේ සිත් දැකීම, අනුන්                          වශී කිරීම , කයෙන් සිත වෙන් කිරීම,  දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල්                        දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන්                      හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට                          සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම,                      අහසින් ගමන් කිරීම


                                මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව තවත් බොහෝ හැකියාවන් චක්‍ර අවධි වීමත් සමඟ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය වැඩි වීමත් සමඟ තවත් විවිද හැකියා ලබාගන්න පුළුවන්. මිට අමතරව කුණ්ඩලිනිය සම්පුර්ණයෙන් අවධි කරගැනීමෙන් පස්සේ වෙනත් විශේෂ යෝග වැඩීමෙන් කාලය හරහා යාම වගේ විශේෂ හැකියාවන් ලබාගන්න පුළුවන්.

                                යෝග විද්‍යාවේදී දිව්‍යමය භාවයට පත්වීම කියල හදුන්වන කුණ්ඩලිනිය අවධිකරගැනීම සඳහා යෝග ආරම්භක ඍෂි වරයාගේ කාලයේ පටන් මේ වනතෙක් නොවෙනස්ව පැවති භාවනා වගේම පසුකාලින ආචාර්ය වරුන් හදුන්ව දීපු සාර්ථක භාවනා කීපයක්ම තියෙනවා. ඒ වගේම පසු කාලින ආචාර්ය වරු තමන්ගේ හිතු මතේට හදුන්වපු ඵල රහිත භාවනා රැසකුත් මේ වනවිට සමාජගත වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒවා කරමින් තමන්ගේ කාලය නාස්ති කරනවා. ලංකාවේ ප්‍රසිද්ධ යෝග මධ්‍යස්ථාන වලත් පොත්, website, fb pages වලත් මේ වැරදි ක්‍රම හරි දේවල් වගේ දක්වලා තියෙනවා. ඔවුන් කිසිම කෙනෙක් කුණ්ඩලිනිය අවධි කරගත් අය නෙවෙයි කියල සහතිකවම කියන්න පුළුවන්. ඒ නිසා මීලඟ ලිපියෙන් කුණ්ඩලිනිය අවධි කරන නිවැරදි භාවනාවත් නිවැරදි හා වැරදි භාවනා හඳුනාගන්නා ආකාරයත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
 (මෙම ලිපි අනවසරයෙන් වෙනත් යමක පළකිරීමෙන් හෝ උපුටාගැනීමෙන් වලකින්න.)



(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

3 comments:

  1. රෝගීව ඉන්න අයටත් කරන්න පුලුවන්ද

    ReplyDelete
  2. කාලය හරහා යන එක ගැන කියවෙන්නෙ කොහොමද

    ReplyDelete

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!