1.අස්විද නැකත:-
ප්‍රසන්න පෙනුමක්,බාහිර අලංකරනයට,පිරිසිදුකමට කැමති,කාර්යශූර,අන් අයගේ සිත් දිනා ගන්නට හැකි,බුද්ධිමත්,ආගමට දෙවියන්ට ලැදි වාසනාවන්ත අයයි.
2.බෙරණ නැකත:-
ප්‍රියමනාප පෙනුමක්,පිරිසිදුකමට විනෝදයට කැමති,ක්ෂණික කෝපය ඇති,පාලනයට අසීරු කලහකාරි අයෙකි.
3.කැති නැකත:-
උෂ්ණාධික වේ.පැහැපත් ශරීරයක් ඇත.පළල් මුහුණක්.සැර පරුෂ ගති වලින් යුක්තයි.අධික කාමාශාවෙන්ද යුක්තයි.
4.රෙහෙණ නැකත:-
කඩවසම් සහ ලස්සන රූප ස්වභාවයකින් යුකතයි.ආත්මාර්තකාමි ගතියෙන් යුක්තයි.ක්‍රියාශූරයි.ගුණ නුවණින් යුක්තයි.සහකරුට දැඩි සෙනෙහසක් දක්වයි.
5.මුව සිරස නැකත:-
කලාවට දක්ශයි.චංචල සිතක් ඇත.සැපවත් ජීවිතයක් ගත කිරීමට කැමති.පිනට දහම ලැදී.කතාවට දක්ශයි.වාසනාවන්ත පිංවත් අයෙකි.
6.අද නැකත:-
මෙම නැකතින් උපන් අය කුදු ගැසුනු ශරීරයකට හිමි කම් කියයි.ලස්සන කෙස් කළඹකින් යුක්තයි.දෙවියන් කෙරෙහි විශ්වාස කරයි.චරිතය සහ ගතිගුණ අයහපත් වීමටද ඉඩ ඇත.
7.පුනාවස නැකත:-
ධාර්මික අදහස් දරයි.සෞඛ්‍යය සම්පන්න අයෙක් වේ.නිහතමානී අයෙක්.යහපත් යුග දිවියක් ගත කිරීමට වාසනවා ඇත.අන් අයගේ ආදරයට ලක්වෙන අයෙකි.
8.පුෂ නැකත:-
ආගමට හිතකාමී අයෙකි.තැනට සුදුසු නුවණින් කටයුතු කරයි.ශක්තිවන්ත අයෙකි.වාසනාවන්ත දූ පුතුන් ලබයි.උදවි උපකාර කිරීමට කැමති අයෙකි.
9.අස්ලිය නැකත:-
උපායශීලී අය වේ.අහංකාර ගති පැවතුම් ඇත.මිල මුදල් ක්‍රමානුකූලව පාවිච්චි කරයි.ජිවිතය සැපෙන් තොර විය හැක.
10.මා නැකත:-
උනන්දුවෙන් සහ උපායෙන් යුක්තවේ.ගුප්ත අංශවලට ඇල්මක් දක්වයි.පිරිස් බලයෙන් යුකතයි.රැවටීමට සහ මුලාවට පහසුවෙන් ලක්වීමට ඉඩ ඇත.
11.පුවපල් නැකත:-
ප්‍රසන්න පෙනුමකින් යුක්තයි.ත්‍යාගවන්තයි.සංචාරයට කැමති අයෙකි.අන් අය සතුටු කිරීමට දක්ෂ අයෙකි.සිත්ගන්න ඛතන හැකියාවක් ඇත.ක්‍රියාශීලී බවෙන් යුකතයි.
12.උත්‍රපල් නැකත:-
සිහින් සහ පැහැපත් ප්‍රසන්න පෙනුමෙන් යුක්තයි.යහපත් ගති පැවතුම් වලින් පිරි අයයි.ධනවත් අයෙක් විය හැකි.
13.හත නැකත:-
උනන්දුවෙන් උත්සහයෙන් කටයුතු කරයි.සුරා පානය යොමු විය හැක.බාහිර අලංකාරයට කැමැති.කළගුණ සැලකීම පමා කරයි.
14.සිත නැකත:-
මනා ශරීර සෞඛ්‍යයෙන් හා කඩවසම් සිරුරකට හිමි කම් කියයි.රාගාධික වේ.අන් අයගේ අවධානය තමා වෙත යොමු කරවාගත හැක.තදින් රූප ස්වභාවයට ඇලුම් කරයි.
15.සා නැකත:-
තේරුම් ගැනීමට අපහසු අයෙකි.ලාභ අලාභ දෙකේදිම නෝසැලේ.වෙළඳ කටයුතු වලට යහපත්.බෝහෝ මිතුරන් සිටි.සංචාර වලට කැමති.
16.වීසා නැකත:-
කඩවසම් ලස්සන අය වේ.අනුන්ට ඊරිෂ්‍යා කරයි.ආත්මාර්ථකාමී.ආගමට දහමට ලැදී.නපුරුය.යුක්තියට ගරු කරයි.
17.අනුර නැකත:-
සංචාරයට කැමති.කතාවට දක්ෂය.ධනය ලබයි.පව් කිරීමට බය නැත.සුහදව ඇසුරු කිරීමට හැකි අයයි.සහකරුවාට දැඩිව ආදරය කරන අයයි.
18.දෙට නැකත:-
ආගමට ලැදිය.ඇසුරුකරන්නන් නිසා පිඩාවට පත්වේ.ගුණ යහපත්ය.මිල මුදල් අධික ලෙස වියදම් කරයි.
19.මුල නැකත:-
ස්ථීර ප්‍රතිපත්ති ගරුකය.තමාගේ පාඩුවේ ජිවත් වෙන අයයි.මාණසික පිඩාවන් අධිකය.
20.පුවසල නැකත:-
ප්‍රසන්න පෙනුමකින් යුක්තයි.තරමක අහංකාර ගති පැවතුම් ඇත.ප්‍රීතිමත් ජිවිත ගතකරයි.
21.උත්‍රසල නැකත:-
ගුණ යහපත් අයයි..තැන්පත් ගති පැවතුම් ඇත.අන් අයගේ සිත් ඉක්මනින් දිනාගනි.යහපත් විවාහ ජිවිත වලට හිමිකම් කියයි.
22.සුවණ නැකත:-
දැන උගත්ය.සමාජයෙන් සැලකුම් ලබයි.දැහැමි අයයි.බිද්ධිමත්ය.අන් අයගේ උපකාර බොහෝ සෙයින් ලබයි.
23.දෙනට නැකත:-
පරාර්ථකාමීය.කලා අංශයට කැමති අයයි.ගුණයහපත්ය.ආහාරපාන ඇදුම් පැලදුම් වලට බොහෝසේ ප්‍රිය කරයි.
24.සියාවස නැකත:-
මුරණ්ඩුය.සිත පාලනය කරගත නොහැකිය.විවාහ පමාවෙන නැකතකි.
25.පුවපුටුප නැකත:-
ශරීර ශක්තියෙන් යුකතයි.කථාවට දක්ෂය.මසුරුය.සමාජය ප්‍රිය කරන අයයි.
26.උත්‍රපුටුප නැකත:-
සටන්කාමීය..නිර්භීතය ආගමට ලැදීය.යහපත් ගතිගුණයන් ඇත.බුද්ධිමත්ය.
27 රේවතී නැකත:-
ධනයෙන් බලයෙන් යුත් අයයි.කරදර බාධා අභිබවා යා හැකි අයයි.කඩවසම්ය.අන් අය සමග සුහද වැඩකරයි.
FOLLOW ME ON FACEBOOK
View Counter
Popular Posts
-
1.අස්විද නැකත:- ප්‍රසන්න පෙනුමක්,බාහිර අලංකරනයට,පිරිසිදුකමට කැමති,කාර්යශූර,අන් අයගේ සිත් දිනා ගන්නට හැකි,බුද්ධිමත්,ආගමට දෙවියන්ට ලැදි වා...
-
ප්‍රධාන වශයෙන් ගිටාර් වර්ග තුනක් තිබේ . 1.Acoustic - එකොස්ටික් 2.Classical - කැලසිකල් 3.Electric - ඉලෙක්ට්‍රික් Acoustic - එකොස්ට...
-
මහා ලක්ෂ්මී දේවීන් වහන්සේට නමස්කාර වේවා!!! මහා ලක්ෂ්මී දේවතාවිය කියන්නේ ධනය හා සම්පත් වලට අධිපති දෙවියන්. මහා ලක්ෂ්මී දේවතාවියගේ ඇල...
-
දිවැස් වලට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක් තෙවැනි ඇස විවර කරගැනීමේ යෝග ක්‍රමය. කුණ්ඩලිනි යෝග වඩන අය දන්...
-
කුමක්ද මේ ශනි මංගල යෝගය? ශනි ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම රාශියක සංයෝග වීම ශනි මංගල දෝෂය යැයි හැදින්වේ.ලෝකෝත්තර නියෝජනය කරන ශනිට ලෞකික...
-
අපේ ජිවිතයේ සතුට සැපත පහසුව රදාපවතින්නේ පින් කර්ම නිසා. පින කිවුවම එකපාරට ලෞකික ...
-
කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්යන්ගේ කොඳු ඇට පෙළේ පහළම කොඳු ඇටය අසල පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි...
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!