කුණ්ඩලිණි ශක්තිය අවධි කරවන නිවැරදි භාවනාව

                                  කුණ්ඩලිනි චක්‍ර වලින් ඉහලින්ම තියෙන අවසාන චක්‍රය වෙන ආඥා චක්‍රය අවධි කරගැනීමේ විශේෂ භාවනාව මම පළමු පොස්ට් එකෙන්(link) සඳහන් කළා. ඒ ක්‍රමයේදී බොහෝ විට වෙන්නේ ආඥා චක්‍රය පමණක් අවධි වීම. කලාතුරකින් සියලුම චක්‍ර ඔස්සේ කුණ්ඩලිණිය අවධි වෙලා ආඥා චක්‍රය අවධි වීම සිද්දවෙන්න පුළුවන්. ඒත් මුලාධාර චක්‍රයේ සිට අනිත් චක්‍ර අවධි කරගැනීමට වෙනම භාවනාවක් තිබෙනවා. මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනාව ගැන. මුලින්ම කියන්න ඕනි කුණ්ඩලිනිය අවධි කිරීම ගැන ගොඩක් පොස්ට් දැන් ශෙයා වෙනවා. හැබැයි ඒවායින් මම කියවපු එකකවත් නිවැරදි ක්‍රමය අද වෙනකන් දැක්කේ නෑ. ඒවා පොස්ට් කරපු අය හෝ ඒවා උගන්වපු අය කුණ්ඩලිනිය අවධි කරගෙන නෑ කියලනම් විශ්වසෙන් කියන්න පුළුවන්. මොකද ඒ ගොඩක් පොස්ට් වල තියෙන්නේ ශක්තිය අවධි වෙන විදියේ භාවනාවක් නෙවෙයි ශක්තිය අපතේ යන විදියේ භාවනා. කුණ්ඩලිණිය අවධි වෙලානම් කවදාවත් එහෙම ක්‍රමයක් උගන්වන් නෑ. නිවැරදි  භාවනා හදුනාගන්න විදිය මම පොස්ට් එකේ අන්තිමට සඳහන් කරන්නම්.

                              කුණ්ඩලිනි ශක්තිය අවධි වූ විට කල නොහැකි දෙයක් නැති තරම්. අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, දිව්‍යලෝක හා පරසක්වල ලෝක වලට ගමන් කිරීම, මින්සුන් සතුන් මෝහනය කිරීම, රෝග සුවකිරීම, කයෙන් සිත වෙන් කිරීම, සිතකින් සිතකට සන්නිවෙනදනය කිරීම, මිනිසුන් සතුන් මෝහනය කිරීම, තුන්කල් දැකීම, පෙර ආත්ම අනාගත් ආත්ම දැකීම, මහා ශක්තිවන්ත වීම, වෙනත් ශරීරයකට ඇතුළුවීම, හදවත නැවැත්වීම වගේ අධිමානසික හැකියාවන් සියල්ලම කුණ්ඩලිණිය සම්පුර්ණයෙන් අවධි කල විට ලැබෙනවා.

භාවනාව ගැන කියන්න කලින් සුෂුම්නාවේ පිහිටීම සරලව පහදලා දීම හොදයි කියල මම හිතනවා. මේ තියෙන්නේ අපේ කොඳු ඇට පෙළ. වමෙන් තියෙන්නේ ශරීරයේ ඉදිරියෙන් බලද්දී පේන විදිය. මැදින් තියෙන්නේ ශරීරයේ පිටුපසින් බලද්දී තියෙන විදිය, දකුණින් තියෙන්නේ ශරීරයේ වම පැත්ත දිහා බලද්දී පේන විදිය.
කොඳු ඇට පෙළ හැදිලා තියෙන්නේ කශේරුකා කියන අස්ථි වලින්. පහළින්ම තියෙන කශේරුකා නවය  5ක් හා 4ක් බැගින් එකට හා වෙලා ත්‍රිකෝණ හැඩයකින් තියෙනවා. ඒ 9 හැර අනෙක් කශේරුකා හා නොවී වෙනම පවතිනවා. එවැනි සාමාන්‍ය කශේරුකාවක කොටස් 2ක් මුලිකව දක්වන්න පුළුවන්. ඒවා තමා කශේරුකා දේහය හා  කශේරුක නෙරුම් සහිත ප්‍රදේශය. මේ ප්‍රදේශ 2 අතර තියෙන  කුහරමය ප්‍රදේශය තුලින් සුෂුම්නාව තියෙනවා.
සුෂුම්නාව  කශේරුකා වල කශේරුකා දේහ කොටස් තිබෙන්නේ ශරීරයේ ඉදිරිපස පැත්තට මුහුණලා, කශේරුක නෙරුම් කොටස් පිහිටලා තියෙන්නේ පීට දෙසට මුහුණලා.
කොඳු ඇට පෙළේ පහළම කශේරුකාව අසල සුෂුම්නාවේ පහල කෙලවරේ තිබෙන කුණ්ඩලිනි ශක්තිය අවධි උනාම කොඳු ඇටයේ සිට ඉහලට නැගලා සුෂුම්නාවේ පහල අන්තයෙන් ඇතුළු වෙලා සුෂුම්නාව දිගෙ ඉහලට ගමන් කරනවා.භාවනාව කිරීම සඳහා මේ පිහිටීම් දැනගෙන සිටීමෙන් පහසුවක් වේවි.

කුණ්ඩලිනිය අවධි වීම 
                                   කුණ්ඩලිනිය අවධි කිරීමේ භාවනාව සඳහා මුලින්ම පිරිසිදු නිදහස් ස්ථානයක පද්මාසනය, සිද්ධාසනය හෝ සුඛාසනය ආසන 3න් එක් විදියකින් වාඩිවෙන්න. පතුල් උඩු අතට හිටින විදියට පද්මාසනයෙන් ඉන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මේ භාවනාවේ ශක්ති ගබඩා කිරීම හා ශක්ති සංසරණය කිරීම විදියට අදියර 2ක් තියෙනවා.

                                  පළමුවෙන්ම පොලවේ තියෙන විශ්ව ශක්තිය පොලවේ සිට මුලාධාර චක්‍රයට ඇවිත් එහි එක්රැස් වෙනවා කියල හිතන්න . විනාඩි 45ක් , පැයක් විතර මේ විදියට හිතින් දකිමින් භාවනා කරන්න. මේ විදියට අනිත් චක්‍ර 6 තුලත් ශක්තිය ගබඩා කරන්න.   කුණ්ඩලිනිය මුලික හැදින්විමේදීත් මම සදහන් කළා ගොඩක් අය කුණ්ඩලිනි චක්‍ර වලට සහසාර චක්‍රය ඇතුලත් කරලා ඉගැන්වුවට කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අග නෙවෙයි සහස්‍ර චක්‍රය පිහිටලා තියෙන්නේ. කුණ්ඩලිනිය අවධි වෙන මාර්ගය මුලාධාර චක්‍රයෙන් පටන් අරන් ආඥා චක්‍රයෙන් අවසන් වෙනවා. සහසාර චක්‍රය තිබෙන්නේ ආඥා චක්‍රයට කලින්. භාවනා කරගෙන යනකොට ඒ ඒ චක්‍ර තියෙන තැන් තමන්ට දැනෙන්න ගන්නවා. ඒ නිසා භාවනාවට පෙර දල වශයෙන් ඒවායේ පිහිටීම දැනගත්තම ඇති. චක්‍ර වල පිහිටීම මම කුණ්ඩලිනි ශක්තිය(link) පොස්ට් එකේ සඳහන් කළා.
                               මීලගට මුලාධාර චක්‍රයේ සිට ශක්තිය ඉහල නැග සුෂුම්නාව  ඔස්සේ ගමන් කර තෙවැනි ඇස හරහා ශරීරයෙන් ඉවතට ඇවිත් ශරීරය බාහිරයෙන් නැවත පහලට ඇවිත් මුලධාර චක්‍රයෙන් ශක්තිය ඇතුළු වෙන බව හිතන්න. මේ විදියට චක්‍රාකාරව ශක්තිය රවුමට සංසරණය(circulate)  වෙන බව හිතමින් පුළුවන් තරමක් වෙලා භාවනා කරන්න. භාවනාව නවත්වන විට ශක්ති සංසරණය කිරීම මුලාධාර චක්‍රයෙන් නවත්තන්න. ශක්තිය මුලාධාරයේ ගබඩා වෙනවා කියල හිතන්න.

                                මේ විදියට ශක්තිය සංසරණය කරවනකොට කුණ්ඩලිනිය අවධි වෙනවා. මුලාධාර චක්‍රය හැර අනිත් චක්‍ර 5 සුෂුම්නාව තුල පිහිටලා නැති උනාට චක්‍ර වලට සම්බන්ද ස්නායු සුෂුම්නාව තුල පිහිටන නිසා භාවනාව කරනකොට චක්‍ර වල ගබඩා උන ශක්තිය සංසරණය වීම සිද්ධ වෙනවා. කුණ්ඩලිනිය අවධිවිම සඳහා සති ගණනක්, මාස ගණනක් උනත් ගත වෙන්න පුළුවන්. කුණ්ඩලිනිය අවදි වීමට ගත වෙන කාලය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙන නිසා හරියටම කාලයක්‌ දක්වන්න බෑ.


                              අවශ්‍යනම් ශක්ති ගබඩා කිරීම හා ගමන් කරවීම එකම දවසේ කරන්න. එහෙමත් නැත්නම් අදියර 2 දවස් 2ක වෙන වෙනම කරන්න. ශක්තිය චක්‍ර වල ගබඩා උනාට පස්සේ දවස් 2ක් පමණ යනකම් චක්‍ර වල රැඳිලා තියෙනවා. ඒ නිසා අදියර 2 වෙන වෙනම දවස් 2ක කලාට කමක් නෑ.

                              මේ භාවනාවෙන් අවශ්‍යනම් සියලුම චක්‍ර එකවර අවධි කරන්නත් පුළුවන්. නැතිනම් ඉස්සෙල්ලාම මුලාධාරයේ විතරක් ශක්තිය ගබඩා කිරීමත් ශක්ති සංසරණය කිරීමත්  දිනපතා කරලා මුලාධාර චක්‍රය අවධි උනාට පස්සේ ස්වාධිශ්ඨාන චක්‍රයට භාවනා කරලා අනුපිලිවෙලට එකින් එක අවධි කරන්නත් පුළුවන්.  එහෙමත් නැත්නම් මුලින්ම මුලාධාර චක්‍රය අවධි කරගෙන ඊළඟට අනිත් චක්‍ර 5 එකවර අවධි කරන්නත් පුළුවන්. අවශ්‍යනම් මුලාධාර චක්‍රයෙන් පටන් ගන්නේ නැතිව වෙනත් චක්රයකින් පටන්ගත්තත් කමක් නෑ.

*සමහර අංගම්පොර යෝගීන් ශක්තිය ගබඩා කිරීමේ පියවරේදී තමන් භාවනා කරන තැන ඉදිරියෙන් ගිනිමැලයක් ගසාගෙන පොලවේ සිට ශක්තිය එනවා වෙනුවට ගින්නෙහි ශක්තිය ඇවිත් චක්‍ර වල ගබඩා වෙනවා කියල භාවනා කරනවා. මේ ක්‍රමයත් ප්‍රතිපලදායකයි. මේ විදියට වැවක් වගේ තැනකදී ජලයේ සිට ශක්තිය එනවා කියල හිතලා භාවනා කරන්න පුළුවන්. ඒත් නිවෙස් වල සාමාන්‍ය ජිවිත ගත කරන අයට හොදම ක්‍රමය පොලවේ සිට ශක්තිය එනවා කියල හිතීම.

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්. ඉක්මනින් හා පහසුවෙන් භාවනා දියුණුව අත්කරගන්න ඔවුන්ගේ පිහිට උදවු වෙනවා. ඒ වගේම ඉතාම කලාතුරකින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය ඔබට ලබා දීම හෝ කුණ්ඩලිනිය උත්තේජනය වන ඖෂධ ශරීරගත කිරීම වැනි දෙයකින් කුණ්ඩලිනිය අවධි වීම උත්තේජනය කරන්න පුළුවන්.  ඒ නිසා තමන් අදහන දෙවියන්, උතුමන් නැමදීමෙන් භාවනාවේ දියුණුවට උපකාර ලැබෙන්න පුළුවන්.

*කුණ්ඩලිනි භාවනා වඩන සියලුම දෙනා දෙවියන්ගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට චක්‍ර අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. කුණ්ඩලිනිය අවධි කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*කිසි විටෙකත් ශක්තිය ශරීරය තුලදී උඩ සිට පහල යන බව හිතන්න එපා. එමගින් වෙන්නේ ගබඩා කරගත් ශක්තිය අපතේ යාම විතරයි. කුණ්ඩලිනිය අවධි වීමට මුලාධාරයේ සිට ඉහලට ශක්තිය යන බව සිතීම අත්‍යවශ්‍යයි.
ඒ වගේම කිසි විටෙකවත් ශක්තිය හිස් මුදුනින් හෝ තෙවැනි ඇසෙන් එලියට යන බව පමණක් හිතන්න එපා .එකෙන් වෙන්නේ ශක්තිය අපතේ යාම විතරයි. ශක්තිය ගමන් කරන මාර්ගයේ අන්තයක් නොතිබීම අත්‍යවශ්‍යයි. තෙවැනි ඇසෙන් එලියට යන ශක්තිය නැවත මුලාධාරයෙන් ඇතුළු වෙනවා සිතීම අත්‍යාවශ්‍යයි. අන්තයක් තිබුනොත් ශක්තිය අපතේ යාම විතරයි සිද්දවෙන්නේ. ශක්තිය ගමන් කරවන මාර්ගය අනිවාර්යෙන් රවුමක් (චක්‍රාකාර) විය යුතුයි.
මේ දේවල් උගන්වන භාවනාවක් නිවැරදි භාවනාවක් වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒ වගේ භාවනා කරමින් නිරපරාදේ කාලය නාස්ති කරන්න එපා.

*මේ නිවැරදි භාවනාව භාවිතයෙන් ඔබත් කුණ්ඩලිනිය අවධි කරගත්තොත් මගෙ ගුරුවරයන්ටත් මටත් ඒ පින අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..
(මෙම ලිපි අනවසරයෙන් උපුටා ගැනීමෙන් වලකින්න)



(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

2 comments:

  1. මේක අැත්තක්ද?

    ReplyDelete
  2. මේක ලියපු කෙනා කව්ද ?

    ReplyDelete

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!