මතකය වැඩි කරගත හැකි ක්‍රමය

                                          භාවනා වලට කෙලින්ම සම්බන්ද  නොවෙන සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන මතකය වැඩිකරගත හැකි ක්‍රම කීපයක් ගැනයි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේවා ගොඩක්ම වැදගත් වෙන්නේ පාසල් හෝ විශ්වවිද්‍යාල හෝ පස්චාත් උපාධි මොන මට්ටමේ හෝ අධ්‍යාපනයක් හදාරන කෙනෙක්ට තමා. අනිත් අයටනම් මේ පොස්ට් එකෙන් එච්චරම වැඩක් වෙන එකක් නෑ.

මතකය කියන දේ තුල ප්‍රධාන ක්‍රියාවලි 2ක් සිද්ද වෙනවා.
පලවෙනි දේ අරමුණක් හිතට ඇතුල් කරගැනීම(learn)
දෙවෙනි දේ හිතට ඇතුල් කරගත්ත දේ නැවත සිහිපත් කිරීම (recall)
ගොඩක් වෙලාවට අපිට මතකය කිවුවම ඔලුවට එන්නේ දෙවෙනි දේ ගැන විතරයි.එත් අපි නොදැකපු දෙයක් පාඩම් නොකරපු දෙයක් අපිට මතක් කරන්න බෑනේ. ඒ නිසා පලවෙනි පියවරත් වැදගත්.

1.මතකය වැඩිකරගැනීමේ පලවෙනි ක්‍රමය වෙන්නේ අපි ඉගෙනගන්න දේවල්, හිතට දාගන්න දේවල් පිළිවෙලකට දාගැනීම. උදාහරණයක් විදියට අපි පැයක් විද්‍යාව පාඩම් කරලා ඊලග පැය සාහිත්‍ය පාඩම් කරලා අපහු විද්‍යාව පාඩම් කිරීම හොද ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම මොකක්හරි පාඩමක මැද ඉදන් පාඩම් කරන්න පටන්ගැනීම හොද ක්‍රමයක් නෙවෙයි. මුල මද අග හරියට arrange කරගෙන පිළිවෙලකට පාඩම් කිරීම ඒ දේවල් දීර්ඝ කාලීනව මතක හිටින්න උපකාර වෙනවා. අපේ මතකය අල්මාරියක් වගේ දෙයක්. පිළිවෙලකට නවල ඇදුම් වෙන වෙනම ඇසිරුවොත් ආපහු ගන්න ඕනි වෙලාවට ඉක්මනට ගන්න පුළුවන් confuse නොවී. ඇඳුම් හරියට නවන්නේ නැතුව ඔහේ තැන තැන් වල දැම්මොත් ආපහු ගන්නකොට ඔලුව විකාර වෙනවා.

2.දෙවෙනි ක්‍රමය හා වඩාත් වැදගත්ම ක්‍රමය වෙන්නේ පාඩම් කරන දේ නැවත සිහිපත් කිරීම. අපි ගොඩක් වෙලාවට පාඩම් කරනවා කියල කරන්නේ පොත් කියවගෙන යාම විතරයි. මොලේ ඇතුලට data යනවා විතරයි. නැවත ඒවා ගන්න අපි පුරුදුවෙන්නේ නෑ. එත් විභාගයකදී කරන්න තියෙන්නේ අපි මොලයට දාගත්ත දේවල් නැවත ගැනීම. අපි විභාගයකට කලින් මතකේ තියෙන දේවල් නැවත මතක් කරන්න පුරුදු වෙලා නැත්තම් විභාගයේදී පලවෙනි පාරට මොලේ අස්සට දාගත්තුව එලියට අදින්න හැදුවට ඒක හරියට සිද්දවෙන්නේ නෑ. විභාගයට කලිනුත් අපි මතකය අස්සට දාගත්තු කරුණු කීප වරක් එලියට ගන්න පුරුදුවෙලා හිටියනම් විභාගයකදී ඒ පුරුද්ද නිසා ඉක්මනට ඒ දේවල් මතක් වෙනවා. එකම පාඩම 100 පාරක් පාඩම් කලත් ඒක පාඩම දිහා නොබලා නැවත මතක් කරන්න  පුරුදු වෙලා නැත්තම් විභාගයකදී ඒක මතක් වෙන් නෑ. මේක හින්ද තමා ගොඩක් ළමයි රෑ එළිවෙනකම් පාඩම් කලත් අන්තිමට අඩු ප්‍රතිඵලයක් ලබන්න හේතුව. මතකය තීව්‍ර වෙන්න හේතු වෙන්නේ ඇතුලට දාගත්ත වාර ගාන නෙවෙයි එලියට ගත්ත වාර ගණන. ඒ නිසා දෙයක් පාඩම් කරන වෙලාවට පාඩම බලල ඉවරවෙලා ඒ වෙලාවේම නැවත පාඩම මතක් කිරීම මගින් තමන්ගේ මතකය 80%කින් විතර ඉහල දාගන්න පුළුවන්.

3.අනිත් වැදගත්ම දේ වෙන්නේ සතියට 2 පාරක් එකම පාඩම පාඩම් කිරීම. උදාහරණයක් විදියට සතියට සැරයක් සඳුදා තියෙන පන්තියකට යන කෙනෙක් ගත්තොත් සදුදා පන්තියට ගිහින් ඉගෙනගත්ත දේවල් එදාම රෑ ගෙදරදී එක පාරක් බලලා ආපහු ඊළඟ සඳුදා පන්තියට යන්න කලින් එක පාරක් බලලා ගියොත් එකෙන් දිර්ඝකාලින මතකය වැඩිවෙන්න ලොකු උදවුවක් වෙනවා. ඒ වගේම ඊලඟ දවසේ කරන දේවල් හොඳට තේරෙනවා. මේ විදියට පාඩම ඉගෙනගත්ත දවසෙම හා ඊළඟ පාඩම ඉගෙනගන්න කලින් 2වරක් පාඩම බලාගත්තොත් විභාගයක් ලංවෙලා නිදි මරාගෙන පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මොකද පාඩම් කරන්න තියෙන දේවල් වලින් 60%ක් විතර දැනටම මතකේ තියෙන නිසා.

4. පාඩම් කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි එකදිගට පැයකට වඩා පාඩම් නොකිරීම. අපේ මොලේට එකදිගට විනාඩි 40කට 50කට වඩා වෙහෙසෙන්න බෑ. එකදිගට විනාඩි 50කට වඩා පාඩම් කරන්න ගියොත් වෙන්නේ විනාඩි 50න් පස්සේ පාඩම් කරන දේවල් මතක නොහිටීම. මේ නිසා තමයි පාසල් වල එක විශයකට විනාඩි 45ක් පමණක් වෙන් කරන්නේ. එකදිගට විනාඩි 40ක් විතර පාඩම් කරලා විනාඩි 5ක හෝ 10ක විවේකයකින් පස්සේ තමා නැවතත් පාඩම් කරන්න ඕනි. හැබැයි මේක සමහර විෂයන් වලට අදාළ නෑ. සමහර විෂයන් එකදිගට පැය දෙකක් විතර මොලයට වෙහෙසකින් තොරව ඉගෙනගන්න පුළුවන්. මේක ගොඩක් අදාළ වෙන්නේ පාඩම් කිරීම මගින් මතක තියාගන්න තියෙන විෂයයන් වලට. ගණන් හැදීම, අලුත් දේවල් හිතීම වගේ දේවල් කරන්න තියෙන විෂයයන් වලට මේක එච්චරම අදාළ නෑ. පාඩම් කරන අතර විනාඩි 10ක් විතර විවේක ගනිද්දී ඒ වෙලාවේ ෆෝන් ,පරිඝනක භාවිත කරන්නෙපා. ඇවිදීම, සින්දුවක් කීම, ඇඳේ ඇලවෙලා ඉදීම , බෝලයක් බිත්තියට ගහනවා වගේ සාමාන්‍ය වැඩක් කරන්න. ෆෝන් වල වැඩ කරන්න ගියාම මොලේ තව වෙහෙසට පත් වෙනවා.

5.මතකය වැඩි වීමට උපකාර වෙන තවත් ඉතාම වැදගත් දෙයක් තමයි එක පාඩමක කොටස් වෙන වෙනම මතක තියාගන්නවට වඩා මුළු පාඩම ගැනම සමස්ත දැක්මක් ඇතිකරගැනීම. පාඩමේ ඒ ඒ කොටස් තියෙන තැන වෙන වෙනම අදුරගෙන ඒවා එකිනෙකට සම්බන්ද වෙන ආකාරය ගැනත් අදුරගෙන පාඩම ගැන overall idea එකක් ඇතිකරගැනීමෙන් පාඩම හොඳට මතක හිටිනවා.

6.ඒ වගේම අලුත් පාඩමක් හෝ අලුත් කොටසක් පටන්ගන්න හැමවෙලාවෙම විනාඩි  5ක් 7ක්  විතර ඇස් පියාගෙන මුකුත් නොහිතා ඉදීම හෝ හුස්ම ගැන අවධානය යොමු කරගෙන ඉදීමෙන් මොලය හා හිත සැහැල්ලු වෙලා refresh වෙලා පාඩම් කරන්න හොඳ mood එකක් හැදෙනවා. එතකොට කලින් පාඩම් කරපුවා උඩටම අලුත් පාඩමේ දේවලුත් ගොඩගැහෙන්නේ නැතුව වෙන වෙනම මතක හිටිනවා.

7.ගොටුකොල ඉස්ම, කජු ,රටකජු , තල  වගේ ආහාර එකදිගට සති 3ක් විතර ගැනීමෙන් මතකය යම් තරමකට වැඩිදියුණු වෙනවා. මිට අමතරව පාසල් හා විශ්ව විද්‍යාල වල ළමයින් ගොඩක් භාවිතා කරන විටමින් පෙත්තක් තියෙනවා Becosule කියන නමින්. මේකේ තියෙන්නේ විටමින් බී වර්ග ගොඩක්. මේ විටමින් මොලේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම හා මොලයට රුධිර සැපයුම වැඩි කරනවා. හැබැයි මේක බොන්න ඕනි දවස් 3කට එක පෙත්තක් විතරයි. ඒ වගේම එකදිගට සති 3කට වඩා මේක එකදිගට බොන්න හොඳ නෑ. එහෙම කලොත් අපේ ආමාශය බෙහෙත් වලට හුරුවෙනවා. එකෙන් වෙන්නේ ආහාර මාර්ගයේදී අපි ගන්න සාමාන්‍ය ආහාර වලින් විටමින් බී ඇඟට අවශෝෂණය වීම නතර වෙනවා. එතකොට අපි කන සාමාන්‍ය කෑම වලින් විටමින් ඇඟට උරාගැනීම නතරවෙලා අපිට හැමදාම විටමින් සහිත බෙහෙත් බොන්න වෙනවා. ඒ නිසා දවස් 3කට එක පෙත්තක් විතරක් බොන්නත් සති 3කට වඩා එකදිගට නොබොන්නත් මතක තියාගන්න.

8.මතකය වැඩි කරගන්න ගොඩක් උපකාර වෙන දෙයක් තමයි හිතින් විතරක් පාඩම් කරන්නේ නැතුව කටින් හයියෙන් කියවන ගමන් පාඩම් කිරීම. එහමත් නැත්තම් ශෝර්ට්නොර්ට් එකක් ලියන ගමන් පාඩම් කිරීම. එතකොට අපේ ඉන්ද්‍රියන් කීපයක් තුලින් මතකය තැන්පත් වෙන හින්ද නිකම්ම පාඩම් කරනවට වඩා ගොඩක් හොඳට මතක හිටිනවා.

එකදිගට කරුණු කීපයක් මතක තියාගන්න තියෙන අවස්ථා වලදී ඒවායේ අකුරු හෝ වචන ගලපා කවියක් වගේ දෙයක් හදාගැනීමෙන් ඒ දේවල් මතක් කරගන්න ලේසි වෙනවා. ඒ වගේම සින්දුවක් වගේ වෙන විදියට පාඩම් කිරීමත් හොද ක්‍රමයක්.

***තවත් හොඳම ක්‍රමයක් තමයි තනිව ඉගෙනගන්නවට අමතරව සතියකට සැරයක් හෝ මාසයකට සැරයක්  කණ්ඩායම් විදියට සාකච්චා කරමින් පාඩම් කිරීම. තනියම දෙයක් පාඩම් කරනවට වඩා වෙන කෙනෙක් කියන දෙයක් මතක හිටීමේ වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ වගේම එකම කාරණයක් දිහා වෙනස් පැති වලින් දකින්න අවස්ථාව කණ්ඩායම් වැඩ මගින් ලැබෙනවා.

එකම දේ විවිද භාෂා මගින් ඉගෙනගැනීම හා වෙන කෙනෙක්ට කියාදීම මගිනුත් මතකය වර්ධනය කරගන්න පුළුවන්.
ඒ වගේම අලුත් යමක් ඉගෙනගත්තම ඒක තමන් දැනටමත් දන්න දෙයකට සම්බන්ද කරගෙන මතක තබාගැනීමෙන් වෙනම මතක තබාගැනීමට වඩා හොදින් මතක හිටිනවා.

ඉතාම සුලුතරකට පාඩමක් පොත කියවීමෙන් පමණක් පාඩම් හිටිනවා. ඒත් බහුතරයකට එහෙම වෙන්නේ නෑ. සමහරුන්ට මතක තියෙන්නේ කියව කියව පාඩම් කරනකොට .සමහරුන්ට මතක හිටින්නේ පාඩම් කරන දේවල් ෂෝට්නෝට් වගේ ලියමින් පාඩම් කරනකොට. නිකන්ම බලාගෙන යනවට වඩා කියවමින් හා ලියමින් පාඩම් කිරීමෙන් පාඩම් කරන දේවල් ඉතාම තදින් හිතට කාවද්දගන්න පුළුවන්.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!