ප්රානයාම ක්‍රමය අයිති වෙන්නේ හත යෝග වලට. මේකෙදි මුලිකව කෙරෙන්නේ හුස්ම රිද්මය විශේෂ විදියකට සකස් කරන ඒක. හුස්ම රිද්මය පාලනය කිරීමෙන් කුන්ඩලිනී ශක්තිය අවධි කරගන්න පුළුවන්
විශ්වයේ හැමතැනම විශ්ව ශක්තිය තියෙනවා .අවකාශයේ වෙනම ශක්ති ස්වරුපයක් තියෙනවා.ගස් වැල් වල වෙනම ශක්ති ස්වරුපයක් තියෙනවා.විවිද ග්‍රහයන්ට ඒවාට අදාළ ශක්ති විශේෂයක් තියෙනවා.ඒ ශක්තියෙන් ජිවිත වලට වෙන බලපෑම ගැන තමා නක්ෂත්රයේදී පැහැදිලි කරලා තියෙන්නේ. මේ හැම දේම විශ්ව ශක්තියේ ස්වරූප. මේ වගේ අප අවටත් විශ්ව ශක්තිය තියෙනවා.අපි හුස්ම ගන්න කොට ඒ හුස්මත් සමග විශ්ව ශක්තියත් ඇතුළු වෙනවා.මේකට තමා "ප්‍රාණ" ශක්තිය (chi energy) කියල කියන්නේ. පිටත ශක්තිය තියෙනවා වගේ අපේ ශරීරය ඇතුලෙත් ශක්තිය තියෙනවා.ඒ ශක්තිය තමා කුණ්ඩලිනි චක්‍ර වලදී එක්රැස් වෙලා තියෙන්නේ. අපේ ශරීරයේ සුෂුම්නාව තුලිනුත් ඊට දෙපසිනුත් ශක්ති රැහැන් 3ක් පවතිනවා. සුශුම්නාව තුලින් යන ශක්ති කදම්භය සුෂුම්නා නාඩිය ලෙසත් සුෂුම්නාවට වමෙන් සමාන්තරව තියෙන ශක්ති රැහැන ඉඩා නාඩිය ලෙසත් දකුණෙන් තිබෙන රැහැන පිලංග නාඩිය ලෙසත් හඳුන්වනවා.ඉඩා හා පිලංග නාඩි 2 කොඳු ඇට පෙළ පහල සිට හිස දක්වා ඉහල නැගල වම දකුණ මාරු වී නාස් පුඩු 2න් එලියට යනවා. ඉඩා නාඩියට චන්ද්‍ර නාඩිය කියලත් කියනවා.මේ නාඩිය සෞම්‍ය ගුණ, හා සීත ස්වභාවයට සම්බන්දයි. සුර්ය නාඩිය ලෙස හඳුන්වන දකුණු නාඩිය තේජස් ගුණ හා උණුසුමට සම්බන්දයි.
ප්‍රාණ ශක්තිය ශරීරයට ඇතුලුවෙන පිටවෙන රිද්මය පාලනය කිරීමෙන් අපේ ශරීරය ඇතුලේ තියෙන ශක්තිය අවධිකරගන්න පුළුවන් .ඒ සදහා හුස්ම පාලන අභ්‍යාස භාවිත කරන්න පුළුවන් .මේවට තමා ප්‍රාණ යාම කියල කියන්නේ. ප්‍රාණයාම වඩනකොට නිරෝගී භාවය ඇතිවීම, දීර්ඝායුෂ ලැබීම හා විවිද අධිමානසික හැකියාවන් ඉබේම ලැබීම සිද්දවෙනවා.
විවිද අරමුණු වලට සකස් කරපු විවිද ප්‍රතිපල ලැබෙන ප්‍රනයාම රැසක් තිබුනත් මේ post එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මුලික ප්‍රානයාමය වන සුඛි පුර්වක් ප්‍රානයාමය ගැන.
මේ ප්රානයාමය කලයුත්තේ උදේ (අළුයම සිට උදේ 11 අතර කාලය) හෝ හවස් වෙලාවේ ( 4pm - 7pm ) විතරයි . වෙන වෙලාවකදී ප්රානයාම කිරීම අහිතකරයි. ඒ වගේම ප්රානයාම කලයුත්තේ පිරිසිදු වාතය තියෙන පිරිසිදු ස්ථානයක. ඒ වගේම ප්‍රාණයාම වැඩීමට පෙර ශරීරය බාහිරවත් අභ්‍යන්තරවත් පිරිසිදු කරගන්න ඕනි. ස්නානය කර හෝ ඇඟ සෝදාගෙන , වැසිකිලි කැසිකිලි කටයුතු කරලයි ප්‍රාණයාම කලයුත්තේ. පිරිසිදු වෙලා පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් හෝ සුඛාසනයෙන් හිඳගන්න ඕනි. තප්පර ගණන බලාගන්න පුළුවන් ඔරලෝසුවක් ළඟ තබාගන්න එක පහසුවක්.
පද්මාසන padmasana
සිද්ධාසන siddasana
සුඛාසන sukasana
සුඛි පුර්වක් ප්‍රාණයාමයේදී හුස්ම ගැනීම, හුස්ම රඳවාගැනීම හා හුස්ම පිටකිරීම ඉබේ වෙන්න නොදී සිහියෙන් තමන් කිරීමයි සිද්දකරන්නේ.එත් අත්‍යවශ්‍යම දේ ඒ ක්‍රියාවලි 3ට ගතකරන කාලයන් 1 : 4 : 2 අනුපාතයට තිබිය යුතුයි.
උදාහරණයක් විදියට තප්පර 1ක් හුස්ම ගන්නවනම් තප්පර 4ක් හුස්ම රඳවා තියාගෙන ඉදලා තප්පර 2ක් තිස්සේ හුස්ම පිටකලයුතුයි.
තප්පර 3ක් හුස්ම ඇතුලට ගන්නවනම් තප්පර 12ක් හුස්ම රඳවාගෙන තියාගෙන ඉදලා තප්පර 6ක් හුස්ම පිටකරන්න.
ඒ වගේම හුස්ම ගැනීම හා පිටකිරීම එක නාස් පුඩුවකින් විතරයි සිද්දකරන්නේ.හුස්ම ගැනීම හා පිටකිරීම නාස් පුඩුවෙන් පුඩුවට මාරු කරන්න ඕනි.
සිදු කරන ක්‍රමය :
(1)පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් හෝ සුඛාසනයෙන් ඉඳගන්න.හිස කඳ ගෙල කෙලින් තබාගන්න. දකුණු අතේ මහපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසාගෙන වම නාස් පුඩුවෙන් තප්පර 3ක් හුස්ම ගන්න.
(2) (මහපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන්) දැන් දබරැගිල්ල හා මැදගිල්ලෙන් වම් නාස් පුඩුවත් වසාගෙන හුස්ම තප්පර 12ක් රඳවාගෙන ඉන්න.
(3) වම නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන් මහපටගිල්ල ලිහිල් කර තප්පර 6ක් තිස්සේ දකුණු නාස් පුඩුවෙන් හුස්ම පිටකරන්න
(4) දැන් වම නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන් තප්පර 3ක් දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගන්න
(5) නාස් පුඩු 2ම වසාගෙන තප්පර 12ක් හුස්ම රඳවාගෙන තියාගන්න
(6) වම් නාස් පුඩුවෙන් තප්පර 6ක් හුස්ම පිටකරන්න
නැවතත් වම් නාස් පුඩුවෙන් තප්පර 3ක් හුස්ම ගන්න. මේ ආකාරයට එකදිගට නාස් පුඩු මාරු කරමින් ප්රානයාමය වඩන්න.
ප්‍රාණයාම pranayama
හුස්ම ගන්න හා පීට කරන පිළිවෙල සරලව මෙහෙම දක්වන්න පුළුවන් :
දකුණින් ගන්නවා
රන්දවගන්නවා
වමෙන් පිටකරනවා
වමෙන් ගන්නවා
රන්දවගන්නවා
දකුණෙන් පිටකරනවා
දකුණින් ගන්නවා
රඳවා ගන්නවා
වමෙන් පිටකරනවා
මේ විදියට නාස් පුඩු මාරු කරමින් කරන්න.
පළමුවෙන්ම අභ්‍යාසය හුරුවීම සඳහා තත්පර 3 :12: 6 කාල ප්‍රාන්තර වලට අභ්‍යාසය කරන්න. හුරු වූ පසු, අභ්‍යාසය වඩන ආකාරය ගැන ඔබට නිරවුල් අවබෝධයක් ලැබුණු පසු ක්‍රමයෙන් හුස්මක් සදහා ගතවන කාලය දීර්ග කරගැනීමට උත්සහ කරන්න.(උදා:- 4:16:8 5:20:10 ලෙස ).සෙමින් මෘදුව ගැඹුරට හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න. මේ අභ්‍යාසය කරන විට හුස්ම ගන්නවත් එක්ක විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය ඒ හුස්ම සමග ඇතුලට එනවා කියල හිතන්න. හුස්ම රඳවා ගන්නාවිට ප්‍රාණ ශක්තිය තමන්ගේ ශරීරයට අවශෝෂණය වෙනවා හිතන්න. හුස්ම පිටකරනකොට ශක්තිය නැතිව හුස්ම පමණක් පිටවෙනවා සිතන්න. එහෙම හිතමින් කරනකොට ඇත්තටම ශක්තිය ගබඩා වීමක් වෙලා හිත හොදින් එක්තැන් වීමත් කුණ්ඩලිනිය උත්තේජනය වීමත් වෙනවා.
අධිමානසික හැකියාවන් ලැබීම සඳහා හුස්ම සඳහා ගතවන කාලය ක්‍රමයෙන් වැඩිකරගන්න අවශ්‍යයි.
වැඩි කාලයක් ගතකරමින් ගැඹුරට සෙමින් අභ්‍යාස කරනවිට ක්‍රමයෙන් සිතේ සමාධිය වර්ධනය වෙනවා, තරමක් දියුණු මට්ටමකට ආ විට කය සැහැල්ලු වී කය පාවෙනවා මෙන් දැනෙනවා. ඒ වගේ අවස්ථා වලට තමන් සාර්ථක වෙලායි රැවටිලා අභ්‍යාසය නතර කරලා ඒ සැහැල්ලුව අත්විදින්න යන්නෙපා.ආපහු මුල් තත්වෙටම පහලට වැටෙන්න ඒ රැවටීම හේතුවෙනවා.දැනෙන සියලුම දේවල් අමතක කරලා එකදිගටම අභ්‍යාසය කරන්න. ක්‍රමයෙන් හුස්ම දීර්ඝ කරනවිට ඉබේම විවිද අධිමානසික හැකියාවන් ලැබෙනවා.
තවදුරටත් හුස්ම පාලනය කරනකොට එක හුස්මක් අරගෙන දිගටම සමාධිගත වී සිටීමේ හැකියාවක් ලැබෙනවා.මේ තත්වයට කියන්නේ නිර්විකල්ප සමාධිය කියලා.මේ සමාධිය ලබාගත් අයට හදවත නතරකිරිම ,විවිද ප්‍රාතිහාර්ය පෑම වගේ විවිද ඉහල අධිමානසික හැකියාවන් ලබාගන්න පුළුවන්...
(මෙම ලිපි අවසරයකින් තොරව වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)
සුඛාසනයෙන් භාවනා කරන විට ශක්ති අවදි වෙන්නැද්ද
ReplyDelete