රුවන්වැලි සෑ රදුන් ගැන බිදක්.

මහ සෑ රදුන් සදහා භූමිය:-

සිව් බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සම වැදීමෙන් පාරිභෝග කළ රුවන් වැලි චෛත්‍ය භූමියේ ශ්‍රී සර්වග්ය ධාතුබ් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට චෛත්‍යක් බැදවිය යුතු බවත්,
දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු රජු විසින් මෙම චෛථ්‍ය රාජයා නිර්ඹාණය කරනු ලබන බවත් මිහිදු මහ රහත් වහන්සේ වදාළ සේක.එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස රජු ගල් ටැබක් පිහිටුවා සෙල් ලිපියක් කරවුහ.එම ලිපිය රන්පතක ලියා කරඩුවක බහා රජවාසලෙහිද තැන්පත් කළහ.


මහා සෑයට වස්තු පහලවීම:-

ලක්වැසි ජනයා නොපෙළා මහ සෑයට අවශ්‍ය වන්නවු වස්තු සම්භාරය කෙසේ ලබන්නෙම්දෝහෝයි දුටුගැමුණු මහ රජතුමන් සිතමින් සිටියදී සක් දෙවි රජු අණින් විෂ්මකර්ම දිව්‍ය පුත්‍රයා එකම දවසේ සියලු වස්තුව මැවීය.අනුරපුරයේ උතුරු දෙස යොදුනක් ගිය තැන ගඩොල්ද,ඊසාන දෙස රිරන්ද,නැගෙනහිර දෙස තබද,ගිණිකොන දෙස මැණික්ද,දකුණු දෙස රිදී ද,බටහිර දෙස නෙල්ලි ගෙඩි තරම් මුතු හා පබලුද,වයබ දෙස මහ මැණික් සතරක්ද විශ්කම් පුත් මවන ලදි.

මහා සෑයේ කටයුතු ඇරබීම:-

වෙසක් පුර පස්ළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්ම්ස්ස්ණය කිරීමේ කටයුතු දුටුගැමුණු රජු විසිනි ආරම්භ කරන ලදී.
දේවානම්පියතිස්ස මහ රජුන් පිහිට වු ගල් ටැබ ඉවත් කරවා බිම සමතලා කොට සත් රියනක් පොළවේ පස් ඉවත් කොට,යෝධයින් ලවා වටගල් අතුරවා,කුලුගෙඩියෙන් තලවා,ඇතුන් ලවා පාගවා ඒ මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේලා ගෙන ආ නවනීත මැටි අතුරවන ලදී.නව නීත මැටි මත්තෙහි ගඩොල්ද,ඒ මත්තේ ශුද්ධ වු කරගල්ද,ඒ මත යකඩ දැල්ද,ඒ මත බොරලුද,ඒ මත පළිගු ගල්ද,ඒ මත ගල් ලෑලිද,අතුරන ලදී.නැවත රස්දිය දිවුල් මැලියම් සමග අනා ඒ ගල් ලෑලි මත අතුරා අට අගල් ඝන ලෝපත් එළන ලදී.ඒ මත්තෙහි රන්සිරියල් තළ තෙලින් අනා අතුරා සත අගුල ඝන රිදීපත් එලන ලදී.මෙසේ මහා සෑයේ පදනම සාදා නිමවන ලදී.

මහ සෑයට මුල් ගල් තැබීම.:-

මහ සෑ මලුව පිහිටි අනුරාධපුර නගරය දෙවි පුරයක්සේ සරසනු ලැබීය.දබදිව තලයෙන් රහත් වහන්සේලා සයානුකොටියක් අහසින් වැඩියහ.ඇසළ පුර පසළොස්වක පොහෝ දින උතුරුසල නැකතින් මහ සෑයට මුල් ගල තබන ලදී.
තවද මහ රහතන් වහන්සේලා එකලොස් නමක් පුන්කලස් ඉදිරියේ නැගෙනහිර බලා වැඩහුන් සේක.සුමනා සහ ඉන්දිසේන ජීවමාන මවුපියන්ගේ පුත්‍ර වු සුප්‍රතිෂ්ඨිත නම් මන්ගල සම්මත අමාත්‍ය පුත්‍රයා ප්‍රමාණයෙන් අති විශාල දාගැබක් සදහා බිම ලකුණු කරණු දුටු සිද්ධත්ථ නම් මහ රහතන් වහන්සේ මධ්‍ය ප්‍රමාණයේ ස්ථුපයක් සදහා ලකුණු කරන ලෙස උපදෙස් දුන් සේක.
මහ සෑ මැද රන් කලස් 08ක්ද රිදි කල 08ක්ද ත්බා ඒ වටා පුන්කලස් 108ක්ද රන් ගඩොලු 08ක්ද අට කොන තබා ඒ එක එකට පිරිවර රිදී ගඩොලු 108 බැගින්ද තබන ලදී.ස්ථුප බිම් සැලැස්මේ නැගෙනහිර දිසාවේ චිත්තසේන රහතන් වහන්සේ සුවද පිඩක තැබු සේක.ජයසේන නම් රහතන් වහන්සේ සුවද පිඩට පැන් ඉස ඇනු සේක.සුප්‍රතිෂ්ධිත නම් මන්ගල සම්මත අමාත්‍ය පුත්‍රයා උතුරුසල නැකතින් මහත් පුජා සත්කාර සහිතව නැගෙනහිර රන් ගඩොල සුවද පිඩ මත පිහිටුවා දෑසමන් මල් තිබු කල්හි දෙලක්ෂ හතිලිස් දහසක් යොදුන් ඝන මහ පොළව ගිගුම්දී කම්පා විය.ඉතිරි සත් දිසාවේ රන් ගඩොලුද,ජිවමාන මවුපියන් ඇති මන්ගල සම්මත අමාත්‍ය පුතුන් සත්දෙනෙක් ලවා එසේම පිහිටුවනු ලැබිණි.පියද්ස්සී හිමි වදාල දම් දෙසුමෙන් දසක් පිරිස් මාර්ග පල ලැබිනි.

මහ සෑයේ ධාතු ගර්භ නිර්මාණය.:-

චෛත්‍ය කර්මාන්තය පිණිස බදවා ගැණුනු වඩුවාණෝ දෙවි පුත් ආවේශ ලැබ රත්නලියක පැන්පුරවා අතින් දිය පිට ගසා පළිගු බුබුළක් සේ දිය බුබුළක් නන්වා එආ හා සමන පෙනුමකින් මහ Sඈය කරවිමට රජු කැමති කරවා ගත්හ.රජු මිල නොගෙවා පිරිසගෙන් වැඩ ගැනිමට අකමැති විය.රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය පරිදි මහ සෑයේ තුන්මාල් පේසා වලලු 9 වාරයක් පොළවට ගිලා බස්වන ලදුයේ භූමි චලනයකින්වත් ධාතු ගර්භය නොසැලෙනු පිනිසය.
මහ රහතන් වහන්සේලාගේ විධානයෙන් උත්තර හා සුමන නම් රහත් සාමණේරයන් වහන්සේ දෙනම් උතුරුකුරු දිවයිනෙත් අසුරියන් දිග පළල ඇති අටගුල් ගණ මේඝ වර්ණ ගල් පුවරු සයක් ගෙනවුත් මහ සෑ ධාතු ගර්භයෙහි එකක් අතුරා ඒ මත සිව් දිගින් සතරක් සිට වු කල්හි අධිෂ්ඨාන බලයෙන් මනාව සන්ධි විය.ඉතිරිගල් පියන වැඩ නිම වූ කල්හි වැසීමට නැගෙනහිර දිසාවෙහි නොපෙනෙන සේ තබන ලදී.
ධාතු ගර්භය තුළ සියලු කර්මාන්ත සත් රුවනින්ම කරවන ලදී.දීපන්කර පාද මුලයේ සිට බුද්ධත්වය තෙක් සියලු විස්තරද,බුදුවීමේ සිට පිරිනිවීම තෙක් බුද්ධ චරිතයද,පරිණිර්වාණයේ සිට දබදිව ලක්දිව බුදු සසුන පිහිටුවීම ආදී සියලු විස්තරද සත් රුවනින්ම කරවන ලදී.ධාතු ගර්භය මැද නැගෙනහිරට මුහුණලා වජ්රාසනය කෝටියක් අගනා සේ කරවා එහි රන්මුවා බුදු පිලිමයක් තැන්පත් කරන ලදී.සෙසු දිසාඅ තුනටද කෝටිය බැගින් අගනා සත් රුවනින් කරවන ලද ජර්යන්ක අතුරන ලදී.අටලොස් රියන් උස බෝධීබ් වහන්සේද සත් රුවනින්ම කරවන ලදී.කෝටියක් අගනා සේ බෝධීන් වහන්සේට හිස ලා සයනාසනයද නා නා රත්නයෙන් සරසා රිදියෙන් කරවුහ.
ඒකාසOඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ පිරූ පාරමිතා ඇති දුටුගැමුණු මහ රාජාණන්ගේ පුන්‍ය බලයෙන් හා දෙවියන්ගෙ දේව බලයෙනුත්,රහතන වහන්සේලාගේ අෂිෂ්ඨාන බලයෙනුත් ධාතු ගර්භයේ බුද්ධ චරිතය ඉතිරි නැතිව සත් රුවනින් පියව් මිනිස් පමණින්ම කරවන ලදි.මුල සිට වැඩ නිමවන තෙක් විස්කම් දෙවි පුත් චෛත්‍ය කාර්මික වඩුවාණන්ට ආවේශව වැඩ කළ අතර ඉන්දගුත්ත රහතන් වහන්සේ විශෙෂයෙන් චෛත්‍ය කර්මාන්තය සOවිධානය කළ සේක.

ශ්‍රී සර්වග්න ධාතු නිධානය දින නියම වීම:-

ඇසළ පුරා පසළොස්වක් පොහෝ දින උතුරු සළ නැකතින් මහ සෑයේ ධාතු නිධානෝත්සවය නියම කරගත් දුටුගැමුණු රජු සOඝයා වහන්සේලා ගේන් ධාතුන් වහන්සේ ලබාදෙන ලෙසත් ආරධනා කල සේක.නාග ලොව වැදුම් පිදුම් ලබන ද්‍රෝණයක් පමණ වු ධාතුන් සෝනුත්තර සාමණේරයන් වහන්සේ රැගෙන වැඩි සේක.

ධාතු නිධානෝත්සවය.:-

ලන්කා ද්වීපය අරභයා පන්ච මහාඅ අෂිෂ්ඨානයක් කළ භග්‍යවතුන් වහන්සේගේ පස්වැන් අධිෂ්ඨානය වුයේ"අනාගතයේදී දුටුගැමුණු රජු විසින් නිර්මානට කරනු ලබන අනුරපුරයේ රන්වැලි සෑ තුල ද්‍රෝණයක් ධාතුන් නිදන් උත්සවයේදී ධාතුන් අහසට පැන නිර්මිත බුදු රුවක් මැවී සවනක් බුදුරැස් විහිදුවමින් යමාමහා පෙළහර පවත්වා"යන්නයි.එය එසේම සිදුවිය.මෙම ප්‍රාතිහාරය දුටු දොළොස් කොටියක් දෙනා සිව් පිළිසිඹියා පත් රහත් බවට පත් වුහ.මාර්ග පල ලැබී ප්‍රමානය මෙතෙකැයි සීමාවක් නොවීය.
රජු අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පින පිනා"මාගේ ආත්මභාවයෙහි ඵල ලදිමි"යි සතුටුව සිය හිස මතට වැඩම කළ ධාතු කරඩුව සුවදින් දෙවු අතින් ගෙන උත්තර ශිර්ෂයකට පැන වු දෙකෝට්යක් අගනා නන් රුවනින් සැරසු රිදී යහනෙහි ඇතිරු සේක.බුදුන්ගේ අධිෂ්ඨානයෙන් සැතපෙන බුදුරුවක් මැවී සියලු ධාතු එහි නිදන් විය.තවද රජුගේ නියමයෙන් ලක්වැසි ජනතාවෝ ධාතු ගර්භය මත රන් කරඩු රිදී කරඩු ආදී අනේක වස්තු සහිතව තවත් ධාතුන් වහන්සේලා දසක් පමණ තැන්පත් කළහ.
රුවන්වැලි චෛත්‍යන් වහන්සේ සතරැස් කොටුව දක්වා නිම වු කල්හි රහතන්වහන්සේලා පිරිත් දේශනා කර්ද්දී දුටුගැමුණු රජු තම පිණ් පොත කිය්වනු අසා සිට මහ සෑ රදුන් දෙස බලාම චුතව තුසිත භවනයෙහි උපන්නාහ.
සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජ ඇවෑමෙන් රජ පැමිණ සෑයේ ඉතිරි කටයුතු නිමවා සෑ පිළිබදව සිත්තම්ශ සුණු පිරියම්ද ඇත් පුවර්ද කරවුහ.එකල සෑයේ උස 120 රියනක් විය.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!