කුන්ඩලනීය වැඩීම

චක්‍ර යනුවෙන් හදුන්වන්නේ නිල වලටය.ප්‍රධාන චක්‍ර 07කි



එනම්,

මූලාධාර
ස්වාධිස්ථාන
මණිපූර්
අනාථ
විෂුද්ධි
ආඥා
සහශ්‍රක 
නම්  එම චක්‍ර (නිල)07 වේ. එම නිල හතට ශරීරයේ ඇති සියළුම ස්නායු සම්බන්ධයි.චක්‍ර එකසිය අටකි. කොදු නාරටියේන් පටන් ගන්නා චක්‍ර හිස දක්වා චක්‍ර 07කි.අනු චක්‍ර හත්සිය ගානක් පිලිබදව සදහන් වෙන අතර එය නඩි වශයෙන් ශරීරය පුරා විහිදී ඇත.

කෙටිම ආයු කාලය වැලදූ බුදුන් වහන්සේ ගෞතම බුදු රජානන් වහන්සේය.ඒ හේතුව නිසාම පස් මහ බැලුම් බලනවිට බෝසතාන් වහන්සේට සිදුවෙනවා චක්‍ර 07 අවදිකරගෙන ශෘෂි වරයෙක් හැටියටයි  මෙලොව උපදින්නෙ .එය සංකේතවත් කරන්නයි නෙළුම් මල් 07ක් උඩින් උපන් වෙලාවෙම ඇවිදයන බව සදහන් වෙන්නෙ.ඒ නිසාම ඒ  සදහා වැය කරන්නට කාලයක් සිදුහත් කුමාරයට තිබුනේ නැහැ.

ප්‍රධාන චක්‍ර 07ක් සදහන් කරන මුත් මුළුචක්‍ර එකසිය අටක් ගැන සදහන් කරනව.

පලමු චක්‍රය වන මූලාධාර චක්‍රය අවධිකරගන්නා විටම සත්‍ය අවබෝධ කරගන්නව.විශ්වයේ අසත්‍ය මොකද්ද සත්‍ය මොකද්ද කියන එක ගැන ඔහු හොදින්ම දැනුවත්.

පුලස්ථි ශෘෂි වරයා චක්‍ර 07අවධි කරගත්  නාකි වරයෙකි.නාකි යනුවෙන් හදුන්වන්නේ එවක චක්‍ර 07අවධි කරගත් අයටය..

    කුන්ඩලීනිය ශක්තිය යනු අංග 08 යෝග ශාස්ත්‍රයේ කායික හා මානසික වශයෙන් කොටස් දෙකකට බෙදූ කල මානසික පැත්තයි.සුසුම්නාව හරහා ගමන් කරන ශක්තිය හැපින්න් දෙදෙනකු පොරකමින් පහල සිට ඉහලට එන අයුරින් ඉංදියාවේ මේ ශක්තිය ගැන ඉගැන්වීම් කරනු ලබයි.කුන්ඩලනීය ශක්තිය හොදට වගෙම නරකටත් යොදාගන්න පුළුවන්.ඒ නිසාම ගුරුවරයේකු නොමැතිව කුන්ඩලනීය වැඩීම නොකල යුත්තක්.නොදැන ගියොත්  සදාකල් අංස්ශබාගී රෝගී තත්වයෙන් සිටීමටද හේතු විය හැක. කුන්ඩලනීය වැඩ්ඩීමට නම් ශාරීරිකව සම්පූර්ණ විය යුතුය.අංගවිකල කොදුනාරටිය ඇද,කොදුනාරටිය පන නැති අයට මෙය වඩීම කල නොහැක්කකි.

කුන්ඩලනීය ශක්තිය වැඩීම සදහා ප්‍රවිශ්ඨය සමථ භාවනාව මගින් හෝ ආනාපානසතියෙන්  වුවද කල හැක.තමන්ට ඒ සදහා යා යුතු මාර්ගය ගුරුවරයා විසින් කුමක්ද ඔබට සුදුසුවන්නේ කියා හොදින් අවබෝධ කරගනීම මගින්  ඒ සදහා සිසුවා යොමුකිරීම ගුරුවරයාගේ කාර්‍යයකි. 

කුන්ඩලනීය වැඩන විට චක්‍ර අවධිවීමේදී කොන්ද සෘජු කරගෙන සිටීම පුරුද්දක් වේවි.කොන්ද වකුටු කරගෙන සිටීමට අපහසසු වේවි.භාවනාව තරම් සැනසීමක් වෙන අන් දෙයකින් නොලබාවි.ශරීරය සෙලවෙන ස්වභාවයක් ගනීවි.ඇගේ ප්‍රෙෂර් වැඩ්ඩිවීමේදීත් ඇග සෙලවෙන අතර ඒ සෙලවීම කුමක් නිසාද යන්න  ගුරුවරයා තේරුම් ගතයුතු කාරනවක් හැම විටම ගුරුවරයකු සමගම මේ ගමන යායුතුයි.
  මෙි සියල්ල ස්වභාවධර්මයේ නිර්මාණයන් වන අතර අප සියලුම දෙනා එයට අනුකුල වන්නේය.  ඇතැමුන් පවසන ආකාරයට කුන්ඩලීනිය අවධි කර ගත් කෙනෙකු විශ්වයේ පාලනයට යටත් වී ඔහුව විශ්වය විසින් පාලනය කරනු බව පවසයි එය සම්පූර්ණ අසත්‍යකි අප අවධි කර ගන්නා ශක්තිය අප වීර්යය කර ධ්‍යාන වඩා කැප කිරිම් කර ලබා ගන්නා අවධි කර ගන්නා ශක්තියකි  එය අප විසින් පාලනය කරන්නේ අපට අවශ්‍ය ආකාරයටය. විශ්වයේ නියමයන්ට අනුව අප ක්‍රියා කරන නමුත් විශ්වය විසින් අපව පාලනය නොකරයි..  

    තවත් දෙයක් වන්නේ බොහෝ දෙනා තමන්ට අවශ්‍ය ආකාරයට මෙය මෙහි ඇති නිති රිති  වෙනස් කිරිමට ක්‍රියා කරයි අප ධර්මයට අවශ්‍ය විදියට වෙනස් විය යුතු අතර ධර්මය අපට ඕනා ආකාරයට වෙනස් කල නොහැක එය සියල්ලන්ම හොදින් දත යුතුය . තමන් හරි යැයි කොපමන තර්ක කර දිනුවද ස්වභාවධර්මය ඉදිරියේ ඔවුන් පරාද වී හාමාරය . එසේ වෙනස් කර කුන්ඩලීනිය දාරින් බිහි කිරිමට හැකිනම් අද සෑම පුද්ගලයකුම කුන්ඩලීනිය දාරියකු වන්නේය එහෙත් එය එසේ වී නැත අදටද හෙලයේ සිටින්නේ කුන්ඩලීනිය දාරීන් අල්ප ප්‍රමානයකි දාහක් දෙනා උත්සහ කලද මෙය ජය ගන්නේ එකෙකුය එයට හේතුව සමාජය ඉදිරියේ කොපමන දන්න කෙනෙකු ලෙස හැසිරුනත් ආද්ද්‍යත්මික ශක්තිය හා දර්මය ඉදිරියේ ඔවුන් පරාද වී ඇති නිසාය... 

     අද කුන්ඩලීනිය වඩන්න පටන් ගත් කෙනාට හෙට කුන්ඩලීනිය අවධි කර ගැනිමට නොහැකිය පින හා අතීත පුරුදු අනුව අවුරුදු ගානක් හෝ ආත්ම භව ගනනක්ද යාමට වනු ඇත . අතීත පුරුදු පුහුනු කර කෙනෙක්ට යමක්  තේරුම් ගැනිමට පුලුවන් වන අතර නමුදු ඔහු ටද බොහෝ කැප කිරිම් කරන්නට සිදු වෙි. බ්‍රරක්මචාරි වීම මෙහි අත්‍යවශ්‍ය අතර එසේ නොවු අයට ⁣ස්භාවධර්මයෙන් දුන් දඩුවම්ද එදත් අදත් අපට දැක ගත හැකිය සමහරකට ජිවිතයෙන්ද සමහරකට තම ශක්තීන් භාගෙට භාගයක්ම නැති වී යයි නැවත එය ලබා ගැනීමට ආත්ම ගනනක් යාමට සිදු වෙි .

    මෙය වෙනුවෙන් කැප කිරිම් කල නොහැකි අය මෙය වැඩිමට වඩා නොවඩා සිටීම වටිය කිමද දැන දැනම වැරදි කිරිම තුලින් මහත් පාපයක් රැස් කරගන්නා නිසා මනසින් සිතන්න අරය මෙයා මම කියන දේ පලමුව සිතන්න එපා සත්‍ය කුමක්දැයි තේරුම් ගැනිමට උත්සහ කරන්න . හාමුදුරුවෝ මස් කනවා අපි කැවම මොකද එයා  කාන්තාවන් ඇසුරු කරනවා අපි කරාම මොකද එවැනි බොරු තර්ක කරන්න එපා තමන් කරන දෑ තමන් අරන් යනවා එයාගෙ පවු වලට තමුන් කර ගැසිමට නොයන්න .. පන්සිල් රකීනම් අටසිල් රකීනම් දසසිල් රකීනම් ඔහු සියලු වැරදි වලින් තොර විය යුතුය ප්‍රාණ ගාතය වැරදිනම් අනුබල දිමත් වැරදි එසේනම් එය අනුබව කිරිමත් පිලිගන්න බැ එයට බුදු හිමි නිති නොදැම්මට එය මනසින් බලා විමසන්නට දී ඇති බව සිතන්න.  එම නිසා පවට බිය වන්න සත්‍ය දේ කිරිමට පිලිගැනිමට බිය නොවන්න . සමාජය යන අතට නොව අප යා යුත්තේ සත්‍ය මාර්ගය තුලයි අප යා යුත්තේ... 

   කුන්ඩලීනිය වඩන්න කැමති වඩන අය සහ සොයන අයට කියන්නෙ මෙි මෙය සෙල්ලමක් නොවන බව වටහා ගත යුතුය විශ්වය විසින් ⁣අප ලබා ගන්නා දේ එසේම නැති වී අප විනාශ වීමටද පුලුවන් බව සිතා ගන්න හොද නරක කියා දෙකම මෙම විශ්ව දහම තුල ඇත හොද පමනක් තොරා ගැනිමට උත්සහ කරන්න.. 

විශ්ව ශක්ති නමෝ නමහඃ 
තෙරුවන් සරනයි🙏
දෙවි පිහිටයි !!!

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!