Third Eye - තෙවැනි ඇස විවර කරගන්නා භාවනාව(2) (හුස්ම ක්රමය)



තෙවැනි ඇස ගැන මුලික හැදින්වීමත් ගින්දර භාවිතයෙන් තෙවැනි ඇස විවර කරගන්නා (රුද්‍ර යෝග)ක්‍රමයත්බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එකෙන් (click here) මම විස්තර කළා. එතනදී කෙටියෙන් හදුන්වපු හුස්ම භාවිතයෙන් තෙවැනි ඇස (ආඥා චක්‍රය ) විවර කරගන්නා අකාරය මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. 
තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලිදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්.

ආනාපානසතිය වගේ භාවනාවක් පුරුදු කරලා තියෙන කෙනෙක්ට මේ භාවනාවෙන් ඉක්මනට කුණ්ඩලිනිය අවධි කරගන්න පුළුවන්. එහෙම නැති උනත් කමක් නෑ සාමාන්‍ය අයටත් හොදින් ප්‍රගුණ කරන්න පුළුවන්. මේකටත් හැමදාම කරන්න පහසු එකම වෙලාවක් හා එකම ස්ථානයක් තෝරාගන්න.


මුලින්ම සති 4ක් පමණ ආනාපානසති භාවනාව  කර හිත හොඳින්  එකඟ කරගන්න උත්සහ කරන්න. එමගින්
 යම් තරමකට හෝ හිත එක්තැන් කරගැනීමෙන් පස්සේ දෙවන පියවරට එන්න. හිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.


 දෙවන පියවරේදී ශක්ති අවධි කරගැනීමේ භාවනාව සඳහා පද්මාසනය , සිද්ධාසනය, සුඛාසනය හෝ අර්ධ පද්මාසනය යන ආසන 4 න් එක් අයුරකින් බිම හිදගන්න. බිම සිටීම ශක්ති අවධි වීමට අත්‍යවශ්‍යයි.රෙද්දක් වැනි යමක් එලලා හිටියට කමක් නෑ. පුටු ඇඳන් මත ඉන්නෙපා. පතුල් උඩට හිටින විදියට කකුල් හරහට තියාගෙන පද්මාසනයෙන් ඉන්න පුලුවන්නම් ඉතාම හොදයි, ඒ විදියට පද්මාස්නයෙන් ඉද්දි ඉබේම කුණ්ඩලිනිය අවධි වෙනවා.එත් ඒකට ඉතා දීර්ඝ වෙලාවක් ඉන්න ඕනි. ඊට වඩා ලේසියි භාවනා කරලා කුණ්ඩලිනිය අවධි කිරීම. 
තෙවැනි ඇස සහිත මුණක රුපයක් ඇඳලා භාවනා කරන තැන ඉදිරියෙන් ඇස මට්ටමට කෙලින් තිබෙන්න සලස්වලා ඒ දිහා බලාගෙන මේ භාවනාව කිරීමෙන් විවර වෙන්න උත්තේජනයක් වෙනවා. අතින් ඇඳපු සරල රුපයක් විතරක් මේකට භාවිතා කරන්න. ප්රින්ට් කරපුවා, පොටෝෂොප් වලින් හදපුවා කරපුව භාවිතා කරන්නෙපා මානසික රෝග හැදෙන්න පුළුවන්.




භාවනා කරන්න ඕනි මේ විදියටයි:
හුස්ම ගන්නා විට හුස්ම නළල මැද හරහා - තෙවැනි ඇස හරහා ඇවිත් තෙවැනි ඇස හරහා - නළල හරහා හුස්ම පිටවෙනවා සිතන්න. තෙවැනි ඇස හරහා හුස්ම එනවා යනවා හිතන්න. මෙච්චරයි භාවනාව විදියට කරන්න තියෙන්නේ. භාවනා කරන්න ඕනි නළල මැද ගැන හිතල මිසක් ගොඩක් පොත් වල තියෙනවා වගේ දෙබැම මැද ගැන හිතල නෙවෙයි. තෙවැනි ඇස තියෙන නිවැරදි ස්ථානය මම පලවෙනි පොස්ට් එකේ සඳහන් කළා. පොඩි කාලයක් මේ භාවනව කරලා ප්‍රතිපල ලබාගන්න අමාරුයි. දවසකට පැය 5ක් පමණ කලොත් ආඥා චක්‍රය හොඳින් සක්‍රිය වෙනවා. ඒත් පටන්ගන්නකොටම ඒ තරම් වෙලාවක් කලොත් භාවනාව එපා වෙන නිසා පැය භාගයකින්, පැයකින් පටන් අරන් ක්‍රමයෙන් වෙලාව වැඩිකරන්න තමන්ට අපහසු නොවෙන විදියට. 3 eye විවර වෙන්නනම් එකදිගට ගොඩක් වෙලා භාවනා කරනවා වගේම හැමදාම එකදිගට භාවනාව කරන්න ඕනි අතර මැද නවත්ත නවත්ත නොකර.

මේ භාවනාව කරන අතරත් මෙතනින් (click here) දාලා තියෙන ඕම් කාරය download කරගෙන ඒක අහන ගමන් භාවනාව කරන්න. ඉක්මනට තෙවැනි ඇස විවර වෙන්න ඒක උදවු වෙනවා.

භාවනාව කරගෙන යනකොට මුලින්ම ඇත්තටම හුස්ම නළල හරහා එහා මෙහා යනවා දැනෙනවා. 3rd eye විවර වෙන්න ලං වෙනකොට නළල මැද නලියනවා වගේ දැනෙනවා. ගොඩක් ආසන්න උනාම නළල මැද අකුණු ගහනවා වගේ,  රිදී ඉරක් වගේ පේනවා. මේ ගානට ආවනම් භාවනාව නතර නොකර එකදිගටම පුළුවන් තරන් වෙලා කරන එක හොදයි.(ඒත් මේ මට්ටමට ආවට පස්සෙත් third eye විවර වෙන්න දවස් කීපයක් ගතවෙන්න පුළුවන්)  තවදුරටත් භාවනාව කරනකොට තෙවැනි ඇස විවර වෙනවා.  එතකොට නළල මැද බැලුවම නිල් පාට ඇසක් සිරස් අතට පේනවා. මේ වෙලාවට ඇස් වහගත්තත් අවට පරිසරය තෙවැනි ඇසෙන් පේනවා. රාත්‍රී වෙලාවක lights <නිවුවත් දවල්ට වගේ හොදින් වටපිට පේනවා.

*තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ.තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම.ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සම්රෙකියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම.සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවෙරදිව භාවනාව වඩන්න.ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්.තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට  අංගම්පොර හදාරන අය යෝග වැඩීමේදී රාවණ රජතුමාට විවිද පුජා කරන බවත් මට දැනගන්න ලැබිල  තියෙනවා

තෙවැනි ඇස විවර වෙන්න ගත වෙන කාලය සති කිහිපයක ඉදන් අවුරුදු ගානක් තෙක් වුනත් ගත වෙන්න පුළුවන් තමන් කරන විදිය අනුව. ගතවෙන කාලය තීරණය වෙන මුලික සාධක වෙන්නේ එකදිගට හැමදාම කිරීම,නොකිරීම, භාවනා කරන පැය ගණන හා හිතේ එකඟකම. ඒ නිසා කලබලෙන් නැතිව ඉවසීමෙන් හිත එකඟවෙන විදියට භාවනාව කිරීම තමා හොඳ. භාවනාවක් කිවුවට මේක අභ්‍යාසයක් නිසා මේ මගින්ම හිත එකඟ කරගන්න සමහරුන්ට බැරිවෙයි. ඒ වගේම මේක භාවනාවක් නොව අභ්‍යාසයක් වෙන නිසා හිතේ ලොකු එකඟකමක් නැති වුනත් එකදිගට කිරීමෙන් ප්‍රතිපල ලබාගන්න පුළුවන්..

මේ භාවනා කරද්දී විවිද අයට විවිද අත්දැකීම් ලැබෙන්න පුළුවන්.ඒ එක් එක් අවස්ථා වලදී කටයුතු කරන්න ඕනි විදිය කියන්න පුළුවන් කුණ්ඩලිනිය අවදි කරගත් කෙනෙක්ට විතරයි.ඒ නිසා කුණ්ඩලිනිය අවදි වී නැත්තම් මේ පොස්ට් වල තියෙන දේවල් තමන්ගේ දේවල් වගේ වෙන තැන් වල පොස්ට් කරන්නෙපා..

මෙම ඍෂි වරුන් හදුන්ව දුන් නියම භාවනාව අනුගමනය කරලා ඔබත් තෙවෙනි ඇස විවර කරගත්තොත්  මගේ ගුරුවරයන්ටත්  මටත් ඒ පින් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

 (මෙම ලිපි අවසරයකින් තොරව වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)



(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

Related Posts:

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!