
යෝගාසන පටන ගන්න කලින් මාංශ පේශීන් ඇදීමේ ව්‍යායාම (stretching exercises) සරලව කරන එක හොදයි. එත් ගොඩක් මහන්සියෙන් අමාරුවෙන් කරන්නෙපා. දාඩිය පෙරාගෙන හති දමාගෙන යෝගසනය පටන් ගන්නෙපා. යෝගාසන ඉතාම සෞම්‍ය විදියටයි වඩන්න ඕනි.
යෝගාසන වැඩීමට හොදම වෙලාව අළුයම් උදේ කාලය සිට උදේ 11 අතර කාලය. නිවස තුල හෝ එළියේ පිරිසිදු නිදහස් ස්ථානයක ඇතිරිල්ලක් වැනි දෙයක් එළලා හිදගෙන යෝගාසන කරන්න. යෝගාසන වැඩීමට කලින් ශරීරය භාහිරය හා අභ්‍යන්තරය පිරිසිදු කරගන්න. මල මුත්‍ර බැහැර කර ස්නානය කිරීමෙන් හෝ ඇඟ සේදීමෙන් පස්සේ ආසන ප්‍රගුණ කරන්න. මේ සඳහා හැකි තරම් සැහැල්ලු ඇඳුමක් ඇදගන්න.
ආරම්භයේදී එක ආසනයක් පැයක් පමණ පුරුදු කරන්න. ඊට පස්සේ ටිකෙන් ටිකෙන් වෙලාව වැඩි කරගන්න. නියම ආකාරයෙන් ආසනය පුරුදු කරනවානම් ටික වෙලාවක් යද්දී ආසනය සිද්ධි වීම වෙනවා. එතකොට ඉබේම හිත එක්තැන් වෙනවා. කයට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම හිතටත් සැහැල්ලුවක් හා සැපයක් දැනෙනවා. සාමාන්‍ය වෙලාවට වඩා හිතේ ගැඹුරු බවක් එක්තැන් බවක් මේ වෙලාවට දැනෙනවා. මේ තත්වයට පත් උනාම ඒ ආසනයෙන් හිදිම සැප සහගත දෙයක් වෙනවා. මාංශ පේශීන්, සන්ධින් වල කැක්කුම් රිදීම් නොදැනී යනවා. ඒ නිසා දීර්ඝ වෙලාවක් උනත් ආසනයේ ඉන්න පුළුවන්. ආසනයට එලබුනාට පස්සේ ශරීරය, අත පය හොලවන්න එපා. පැයක් විතර කිසිම සෙලවීමක් නැතුව එකම ඉරියව්වෙන් ඉන්න උත්සහ කරන්න. කුණ්ඩලිනිය අවධි කරගැනීමට පහත යෝගාසන වැඩිම උපකාර වෙනවා.
1) පද්මාසනය
භාවනා කිරීමට, ප්රානයාම කිරීමට හා මන්ත්‍ර මැතිරීමට හොදම ආසනය පද්මාසනයයි. මේ සඳහා පළමුවෙන් දකුණු කකුල හෝ වම් කකුල නවා අනෙක් කකුලේ කලවය මත තියන්න. මීළඟට අනෙක් කකුල නවා පළමු කකුලේ කලවය උඩින් තියන්න. කකුල් 2 එකිනෙක හරහා වැටෙන ලෙස හා පතුල් උඩට හැරී තිබෙන ලෙස සකස් කරගන්න.හිස කන්ද ගෙල ඍජුව තබාගන්න. අත් වල මහපට ඇඟිලි හා දබර ඇඟිලි එකිනෙක ස්පර්ශ කර දණහිස් මත තබාගන්න.
පද්මාසනය කරද්දී කකුල් නැවි තියෙන නිසා නහර හා ස්නායු හිර වෙලා කකුල් සුදුමැලි වීම හා හිරිවැටීම වෙනවනම් කකුල් දිග ඇරලා විනාඩි 5ක් විතර ඉදලා නැවත ආසනයට සකස් කරගන්න. ලේ ගමනාගමනය නැවතී තිබීම ගොඩක් වෙලා උනොත් කකුල් අප්‍රාණික වෙන්න පුළුවන්. ඒ නිසා පුරුදු කරන්න අපහසු අය පොඩි වෙලාවකින් පටන් ගෙන ටිකෙන් ටික කාලය වැඩි කරන්න.
2) සිද්ධාසනය
වම් කකුල නවා විලුඹ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ වන ලෙස තියාගන්න. දකුණු කකුල නවා වම් කකුල උඩින් විලුඹ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ස්පර්ශ වෙන ලෙස තියාගන්න. දකුණු කකුලේ පතුලේ විලුඹ හැර ඉතිරි කොටස වම් කකුල තුල තබාගන්න.(රුපයේ ලෙස) හිස කඳ ගෙල ඍජුව තබාගන්න. අත් වල මහපට ඇඟිලි හා දබර ඇඟිලි එකිනෙක ස්පර්ශ කර දණහිස් මත තබාගන්න.
3) අර්ධ මත්ස්යෙන්ද්‍රාසනය
දකුණු පාදය නවා විලුඹ අධෝමුඛය ආසන්නය ස්පර්ශ වන ලෙස තියාගන්න. වම් කකුල කෙලින් තබාගෙන දකුණු දණහිසට එහායින් වම් විලුඹ තියන්න. දකුණු අතින් වම් කකුලේ මහපටඟිල්ල අල්ලගන්න. දකුණු අතේ කිහිල්ල යටින් වම් කකුලේ දණහිස පිහිටන ලෙස දණහිසට උඩින් අත තියාගන්න. හිසත් උඩු කයත් වම් පැත්තට හරවන්න. වම් අත කොන්ද පිටුපසින් යවා දකුණු කලවය අල්ලගන්න. පැය භාගයකින් පමණ පසු ප්‍රතිවිරුද්ධ පැත්තටත් මේ විදියටම ආසනය පුරුදු කරන්න.


ස්තුතියි
ReplyDeleteබ්‍රහ්ම දෙවිදු හට වන්දනාමාන කර පමණද කුන්ඩලනි අවදිකරගන්න පුළුවන්?ශිව දෙවිදු හට වන්දනාමාන කර කුන්ඩලනි අවදිකරගන්න බැරිද?
ReplyDelete