සියලු ධ්යාන පහසුවෙන් ලඟාකර දෙන "ඉරියාපථ සතිපට්ඨානය" හා "චිත්තානුපස්සනාව"



  සතිපට්ඨාන භාවනා කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා විදියට කොටස් 4කට බෙදෙනවා. සති+පට්ඨාන කියන පාලි වචන දෙකේ තේරුම සිහිය පිහිටවීම කියන එක. සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සත්‍යාවබෝධය මුල් කරගෙන උනත් ඉතා ඉක්මනින් සමාධිය ඇතිකරගැනීමට උදවු කරන විදර්ශනා මට්ටම තරම් ගැඹුරට නොයන සරල මුලික සතිපට්ඨාන ක්‍රමයක්  තමා මේ පොස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සතිපට්ඨානය ක්‍රමය සමාධිය දියුණු කරගැනීම හෝ සත්‍යාවබෝධ කිරීම කියන අරමුණු 2ට අනුව කරන විදිය වෙනස් වෙනවා. මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධියක් දියුණු කරගැනීමට උපකාර වෙන මට්ටමට විතරයි. ඕනෑම සමාධියක් ධ්‍යානයක් වඩන කෙනෙක්ට මේ සතිපට්ඨාන භාවනා වැඩීමෙන් ඉක්මනින් සමාධියට පත්වෙන්න පුළුවන් වෙනවා. භාවනාවක් උනත් එක තැන වාඩිවෙලා කල යුතු දේවල් නොවෙන නිසා එදිනෙදා වැඩ කරන ගමන් අභ්‍යාසයක් වගේ පුරුදු කරන්න පුළුවන්


                                       ඉරියාපථ භාවනාවේදී කරන්නේ සියලුම ඉරියවු සිහියෙන් යුක්තවම කරන එක. ඇවිදීම, හිදගෙන සිටීම, නිදාගෙන සිටීම , එක තැන සිටීම, අත පය හෙලවිම, කය එහා මෙහා කිරීම වගේ අපි කරන සියලුම කායික ක්‍රියාවලි සිහියෙන් කිරීම. අපි එදිනෙදා ජිවිතේ කරන ගොඩක් දේවල් අපි දැනුවත්ව සිහියෙන් කරන දේවල් නෙවෙයි පුරුද්දට ඉබේ වෙන දේවල්. ගොඩක් දේවල් කරනකොට අපි ඉන්නේ ඒ කරන දේ ගැන සිහියෙන් නෙවෙයි වෙන වෙන දවල් හින හිතින් දකින ගමන් නැත්තම් වෙන දෙයක් කල්පනා කරන ගමන්. මේ පොස්ට් එක කියවන ගමන් උනත් සමහර විට ඉන්නේ ඉබේම කකුල් හොලවමින් ,අත පය ඔලුව කසමින්  වෙන්න පුළුවන්.  උදේ අහරින වෙලේ ඉදන් රෑ නිදාගන්නකන් කරන දේවල් කල්පනා කරලා බලන්න අපි දත් මදින්නේ කියක් දේවල් ගැන හිතන ගමනද? වැසිකිලි කැසිකිලි කරන්නේ ඒ ගැන සිහියෙන්ද? පාඩම් කරන්න ගියොත් එකදිගට පාඩමේම හිත තියෙනවද? පාඩම් කරන අතරතුර කි පාරක් ෆේස්බුක් මතක් වෙනවද, දවල් හින මැවෙනවද?  තනියෙන් කෑම කන වෙලාවකට කියක් දේවල් මතක් වෙනවද? වැඩක් කර කර ඉන්න ගමන් ඇඟ කැසුවොත් ඔලුව කැසුවොත් එතනට ඉබේම අත යන්නේ අපි දැනුවත්වද?  සින්දු අහන වෙලාවට කකුලෙන් තාලය තියන්නේ අතින් මේසෙට තට්ටු වෙන්නේ සිහියෙන්ද? මේ හැම දේම ඉබේ වෙන්නේ අපිට කය පිලිබඳ සිහිය පිහිටලා නැති නිසා.
             
                                               මේ වගේ සිහියකින් තොර ඇවතුම් පැවතුම් තියෙන සිතකට ඉක්මනින් සමාධියකට එළබෙන එක අමාරු වැඩක්. ඒ වගේ කෙනෙක්ට ඉක්මනින් හිත එකඟ කරගන්න ඉරියාපථය පුරුදු කිරීමෙන් පුළුවන් වෙනවා. භාවනාව වඩන්නේ මේ විදියටයි. ඉස්සෙල්ලාම එක තැනක වාඩි වෙලා වෙන මුකුත් නොහිතා තමන්ගේ කය තියෙන විදිය අරමුණු කරගෙන ඉන්න. මේක භාවනා කරන්න යනකොට උනත්, බස් එකක වාහනේක යන ගමන් උනත් පාඩම් කරන කොට උනත් මොන වෙලාවක මොන විදියෙන් කලත් කමක් නෑ.තමන්ගේ කයට සිහිය පිහිටවාගෙන ඉන්න.පොඩි වෙලාවක් ගියාම තේරෙයි වාඩිවෙලා ඉන්න ටිකට හිත කොච්චර වෙන අරමුණු වලට ගියාද කියලා.    
                                      ඊළගට ඇවිදින වෙලාවට තමන්ගේ කකුල් 2 ගැන සිහියෙන් ඇවිදින්න.මුලදී වම දකුණ කියල හිත හිත කලාට කමක් නෑ.එත් හොදම දේ හිතෙනුත් මුකුත් නොහිත කකුලේ චලනය ගැන සිහිය පිහිටවාගෙන ඇවිදින්න.නිදහස් වෙලාවක ටිකක් වෙලා සක්මන් භාවනා කරන්න දාගත්තනම් මේ විදියට සිහියෙන් ඇවිදින්න.සක්මන් භාවනා කිරීම අවශ්‍ය නෑ.අපි සාමාන්‍ය ජීවිතේදී ඕනෑතරම් ඇවිදිනවා, ඒ හැම වෙලාවේම සිහියෙන්ම ඇවිදින්න.  
                                         කෑම කනකොට අතෙන් කෑම අනන එක , පිගානේ ඉදන් කටට අතෙන් කෑම ගන්න එක ,කටෙන් කෑම හපන එක සිහියෙන් කරන්න. වෙන දේවල් හිතන්නෙපා. කෑම කන ගමන් අනන්න එපා. එක වෙලාවක එක වැඩක් විතරක් කරන්න, එකවර වැඩ 2 කරන්නෙපා.
                                     TV බලනකොට computer එකේ මොනවහරි බලනකොට අත පය හොලවනවන් ඒවා නොදැනුවත්ව වෙන්න නොදී සිහියෙන් කරන්න.
                                    ඇඟ සෝදනකොට ,වැසිකිලි කරනකොට , ඇඳුම් සෝදනකොට සිංදු කියන්නේ නැතුව ,වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව සිහියෙන්ම ඒ හැමදේම කරන්න.
                                    මේ විදියට හැම දේම සිහියෙන් කරන්න.මේක කරන්න පටන් අරන් පොඩි වේලාවකින්ම තේරෙන්න පටන්ගන්නවා මේක කොච්චර අමාරුද කියලා.කය ගැන සිහියෙන් ඉන්නවා කියල අධිෂ්ඨාන කරගෙන හිටියට ටිකක් වෙලා ගියාම නොදැනුවත්වම අපි ඉන්නේ වෙන දෙයක් කල්පනා කරමින් හෝ හින මවමින්. එත් එකදිගටම උත්සහ කලාම ටික දවසක් ගියාම හොදට තමන්ගේ සිහිය දියුණු වෙනවා.වෙනදට වඩා සැහැල්ලුවක් හිතේ රැදිලා තියෙනවා.ඒ වගේම භාවනා කරන්න ගියාම වෙනදට වඩා ගොඩක් ඉක්මනට හිත එක්තැන් වෙනවා අත්දකින්න පුළුවන්. මීට අමතරව හොදින් සිහිය පිහිටවගන්නකොට අත්දකින්න පුළුවන් තවත් දෙයක් තමයි තමන් අහන දකින දේවල් වල වෙනදා නොදකින ගැබුරු අර්ථයක් වැටහෙන්න ගැනීම. හැමදාම දකින දෙයක් ගැන උනත් වෙනද නොතේරුණු දේවල් සිහිය නිසා හොදින් තේරෙන්න ගන්නවා. වෙනදා නොදැකපු පැති වලින් දෘෂ්ටිකෝණ වලින් පෙනෙන්න තේරෙන්න ගන්නවා. තමන්ට නොතේරුණු පාඩම් උනත් තේරෙන්න ගන්නවා. එදිනෙදා ජීවිතයේදී අපිට සාමාන්‍යයෙන් ග්‍රහණය වෙන්නැති කරුණු හිතට හොදින් වැටහෙන්න ගන්නවා. මේකට හේතුව සිහිය පුරුදු නොකරපු හිතකින් දෙයක් දිහා බැලුවම ඒ දේ සම්පුර්ණයෙන් පේන්නේ නෑ මොකද එක දිහා හරියටම බලන්නේ නැති නිසා. ඒත් සිහිය පිහිටුනාම දෙයක් දිහා බෙලුවත් යම් දෙයක් ගැන කල්පනා කලත් ඒ කාරණය ගැන හොදින් හිත focus වෙලා තියෙන නිසා ඒ දේ ගැන සම්පුර්ණ අවබෝධයක් ලැබෙනවා.

                                                            හිතේ සමාධිය ඉක්මනින් ඇතිවෙන්න උපකාර වෙන අභ්‍යාසයක් විදියට කරන්න පුළුවන් අනිත් භාවනාව චිත්තානුපස්සනාව. මේක ඉරියාපථය වගේම එදිනෙදා වැඩ කරන ගමන් වඩන්න පුළුවන්. එත් ගොඩක් ප්‍රතිපල ලබාගන්න පුළුවන් දවසකට පොඩි වෙලාවක් එක තැනක වාදී වෙලා ඉදගෙන කරනවානම්. මේකෙදි කරන්නේ හිතන දේවල් ගැන සිහියෙන් ඉන්න එක. භාවනා ආසනයකින් ඉදගෙන සිතට එන සිතුවිලි ගැන අවදානයෙන් ඉන්න. සාමාන්‍ය ජීවිතය ගත කරන අතරත් හිත ගැනත් හිතන දේවල් ගැනත් සිහියෙන් ඉන්න. මේ භාවනාවත් ටිකක් වෙලා කලාම තේරෙනවා අපි නොදැනුවත්ව කොච්චර දේවල් අපිට හිතෙනවද, කොච්චර දවල් හින මැවෙනවද  කියලා.  මේ භාවනාව ටිකක් කල් පුරුදු කලාම හිතේ වෙන අමුතු දෙයක් දැකගන්න පුළුවන් වෙනවා.ඒ දේ තමයි අපි සිතුවිල්ලක් හිතනකොට එකම දේ දෙපාරක් හිතනවා.මුලින්ම අපි හිතන දේ ගැන හිතේ සංඥාවක් වගේ දෙයක් , වලාකුලක් වගේ සැහැල්ලු සියුම් සිතුවිල්ලක් ඉබේ ඇතිවෙනවා  , දෙවෙනියට ඒ සියුම් සිතුවිල්ලට වචන හෝ හැඩයක් එකතු වෙලා රළු ගතියක් ඇති වෙනවා. අපි හිතින් හිතනකොට ඒ හිතන ඒවා හිතින් කියවන එකත් ගොඩක් වෙලාවට කරනවා. ඒත් ඕනිනම් හිතින් කියවන්නේ නැතුව ඒ දේ හිතන්න පුළුවන්. මුලින්ම අපේ හිතේ අදහස් විතරයි ඇතිවෙන්නේ. ඒවාට වචන දාලයි අපි හිතින් හිතන්නේ. මේ ක්‍රියාවලිය චිත්තානුපස්සනාව පුරුදු නොකරපු හිතකට පෙන්නේ නෑ. හැබැයි මේක දකින්න භාවනාමය ඥාන අවශ්‍ය නෑ. හිත ගැන සිහිය පිහිටවන් හිටියොත් දවසක් දෙකක් ඇතුලත මේ දේ අත්දකින්න ලැබෙනවා.  සාමාන්‍ය සිහියක් තියෙනකොට 2වෙනි රළු සිතුවිල්ල විතරයි පෙන්නේ. සිත ගැන සිහිය පිහිටුනාම මුලින් ඇතිවෙන සියුම් සිතුවිලි ස්වභාවය ඇතිවෙලා ඊටපස්සේ ඒක වචන වලින් නැවත හිතනවා කියල පෙනෙනවා. මේ විදියට චිත්තානුපස්සනාවත් ටිකක් කල් පුරුදු කලාම හොදින් සිහිය පිහිටීම ඇති වෙලා ඉක්මනට සමාධියට පත් වෙන්න පුළුවන් වෙනවා.

                                                            සිහිය දියුණු කිරීම ගොඩක් අයට අමාරු වැඩක්. නිකන්ම සතිය වඩනවාට වඩා ඉක්මණින් සතිය දියුණු කරගන්න පුළුවන් සතිය පුරුදු කරන කාලය තුල අටසිල් සමාදන් වෙලා කරනවානම්. දවස් 3ක් 5ක් 7ක් වගේ දවස් ගණනක් තීරණය කරගෙන ඒ දවස් ඇතුලත සිල් රකින ගමන් සති භාවනා වඩන්න. සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් සතිය දියුණු කරගන්න කොහෙත්ම බැරි උන අයට උනත් සීලයක් රකින ගමන් සතිය පුරුදු කරන්න ගත්තොත් ඉක්මණින් දියුණු වෙනවා.
(මෙම ලිපි අවසරයකින් තොරව වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)



(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!