තෙවැනි ඇස විවර කරගැනීමේ භාවනාව (3) (ජලය භාවිතා කරන ක්රමය)


3rd eye , ආඥා චක්‍රය, ඍෂි ඇස කියල හදුන්වන තෙවැනි ඇස විවර කරගැනීමට යොදාගන්න ශක්ති ප්‍රභව 3න් අවසාන ප්‍රභවය වෙන්නේ ජලය. තෙවැනි ඇස පිළිබඳව මුලික හැදින්වීම නොකියවපු අය මුලින්ම මේ link එකේ පොස්ට් එක කියවල මේක කියවීම වඩා හොදයි.   ආපෝ කසිණ භාවනාව වඩල තියෙන අයත් ගින්දර හෝ හුස්මට වඩා ජලය භාවිතයෙන් හිත එකඟ කිරීම හොදයි කියල හිතෙන අයත් ජලය භාවිතයෙන් තෙවැනි ඇස විවර කරගන්න භාවනාව කිරීම වඩා ප්‍රතිපලදායකයි. මේ ක්‍රමයේදී මුලින්ම ජලය පිළිබඳව සිත එකඟ කරගන්න අවශ්‍යයි. ඒ සඳහා භාවනා 2ක් උපකාර කරගන්න පුළුවන්.

        පලවෙනි ක්‍රමය වෙන්නේ ආපෝ කසිණ භාවනාව. ආපෝ කසිණය වැඩීමට පාත්‍රයක් තරම් ප්‍රමාණයේ  රවුම් ජල භාජනයකට  කට දක්වාම වතුර පුරවල භාවනා කරන තැන දෙරියනක් පමණ ඉදිරියෙන් තියාගෙන ඒ දිහා බලාගෙන හිත එක්තැන් කරන්න ඕනි.භාජනයක තිබෙන ජලය වෙනුවට ගංගා ඇල දොළ ආදියේ තියෙන ජලය ගැන උනත් අරමුණු කලාට කමක් නෑ. එත් ඒ සඳහා ඒ වගේ තැනකට නිතර යන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම මේකෙදි ජල භාජනයක් මගින් කරනවට වඩා හිත එක්තැන් කිරීම අමාරුයි. වතුර දිහා බලාගෙන "වතුර වතුර" හෝ "ජලය ජලය" හෝ "ආපෝ ආපෝ" ආදී විදියට තමන්ට හුරු වචනයක් හිතමින් හිත එක්තැන් කරන්න උත්සහ කරන්න.



       දෙවෙනි ක්‍රමයට වෙනම ඇටවුමක් සකස් කරගන්න වෙනවා. මේ සඳහා ප්ලාස්ටික් බෝතලයක් වගේ දෙයක පතුලේ පොඩි සිදුරක් හදාගන්න. බෝතලයට වතුර පිරවුවම වතුර බිංදු ඉතා හෙමින් වැටෙන විදියෙ පොඩි සිදුරක් හදාගන්න. මේ බෝතලය තමන් භාවනා කරන තැන ඉදිරියෙන් තරමක් උසින් එල්ලන්න. බෝතලයෙන් වැටෙන වතුර බිංදු එකතු වෙන්න ඒකට පහලින් භාජනයක් තියන්න. මේ විදියට සකස් කරගෙන පහසු භාවනා ආසනයකින් හිදගෙන වතුර බිංදු වැටෙන දිහා බලන් ඉදිමින් ඒ ශබ්දය අහමින් හිත එක්තැන් කරන්න.



      මේ ක්‍රම 2න් 1ක් තෝරාගෙන සති 4ක් පමණ හිත සමාධිගත කරගන්න උත්සහ කරන්න. මේවා මගින්  යම් තරමකට හෝ හිත එක්තැන් කරගැනීමෙන් පස්සේ දෙවන පියවරට එන්න. හිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.

 මීළඟට තියෙන්නේ කුණ්ඩලිනිය අවධි කිරීමේ අභ්‍යාසය කිරීම. ඒ සඳහා පාත්‍රයක් වැනි වතුර භාජනයක් තමන් ලඟින් තියාගන්න. පුලුවන්නම් පතුල් උඩු අතට තිබෙන විදියට පද්මාසනයෙන් හිදගන්න .ඒ විදියට ඉන්න අපහසුනම් සිද්ධාසනය, අර්ධ පද්මාසනය හෝ සුඛාසනය කියන ආසන 3න් 1ක් විදියකින් බිම හිඳගන්න. පොඩි වෙලාවක් ජලය ගැන හිත සමාධිගත කරන්න. මීලගට භාජනයේ සිට ජලය නළල මැද හරහා තෙවැනි ඇස හරහා ඇවිත් තෙවැනි ඇස හරහා නළල මැද හරහා නැවත භාජනයට යනවා හිතින් දකින්න. මේ භාවනාව අතරත් මේ link එකෙන් දාලා තියෙන ඕම් කාරයේ හඬ පටය ඩව්න්ලෝඩ් කරගෙන එය අහන ගමන් භාවනාව කිරීම ඉක්මනින් 3rd eye විවර වෙන්න උදවු වෙනවා.

තෙවැනි ඇස විවර කරගන්න කලින් නළල හරහා ජලය යනවා එනවා සිතීම අත්‍යවශ්‍යයි. පලවෙනි පාරට තෙවැනි ඇස විවර උනාට පස්සේ නැවත භාවනා කරන වෙලාවට ජලය නළල හරහා යනවා වෙනුවට ජලයේ තියෙන ශක්තිය නළල හරහා යනවා සිතමින් භාවනා කරන්න.

*තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ.තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම.ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සම්රෙකියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම.සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවෙරදිව භාවනාව වඩන්න.ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්.තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට  අංගම්පොර හදාරන අය යෝග වැඩීමේදී රාවණ රජතුමාට විවිද පුජා කරන බවත් මට දැනගන්න ලැබිල  තියෙනවා

*මේ භාවනා කරන අතරතුර සෙම අවිස්සිම් හෝ උන ගැනීම් සිද්දවෙන්න පුළුවන්. තදබල විදියට වෙනවනම් භාවනා කිරීම නවත්තල ලෙඩ රෝග සනීප උනාට පස්සේ ආපහු කරන්න. සාමාන්‍ය තරමින් වෙනවනම් භාවනා කරන කාලය ටිකක් අඩු කරන්න සනීප වෙනකම්. ලෙඩ රෝග තියෙද්දී කුන්ඩලිනි භාවනා කිරීම  කොහෙත්ම හොඳ නෑ . මානසික රෝග වැළදී තියෙන අයත් මේ භාවනා කරන්න කලින් අනිවාර්යෙන් වෛද්යවරයෙක්ගෙන් උපදෙස් ගන්න

මේ භාවනා කරද්දී විවිද අයට විවිද අත්දැකීම් ලැබෙන්න පුළුවන්.ඒ එක් එක් අවස්ථා වලදී කටයුතු කරන්න ඕනි විදිය කියන්න පුළුවන් කුණ්ඩලිනිය අවදි කරගත් කෙනෙක්ට විතරයි.ඒ නිසා කුණ්ඩලිනිය අවදි වී නැත්තම් මේ පොස්ට් වල තියෙන දේවල් තමන්ගේ දේවල් වගේ වෙන තැන් වල පොස්ට් කරන්නෙපා..

මෙම ඍෂි වරුන් හදුන්ව දුන් නියම භාවනාව අනුගමනය කරලා ඔබත් තෙවෙනි ඇස විවර කරගත්තොත්  මගේ ගුරුවරයන්ටත්  මටත් ඒ පින් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..
 (මෙම ලිපි අවසරයකින් තොරව වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)



(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!