සෞභාග්‍යයේ සංකේතය පුෂ්පරාග මාණික්යය

අප අද කතා කිරීමට අදහස් කරන්නේ මැණික් ශාත්‍රයේදී නිතරම කථාකරන නිතරම අවශ්‍යය වන පුෂ්පරාග( yellow saphire ) නැමති මානික්‍යය පිලිබධවයි.

මෙය සෞභාග්‍යයේ මාණික්‍යය ලෙසද හදුන්වන අතර මෙය කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා බලවත් කිරිමට යොදාගන්නා මැණිකයි.පුෂ්පරාග වල වර්ණය කහ පැහැති වන අතර කහ වර්ණයේ සිට රත්‍රන් වල රන්වන් පැහැය දක්වාම පවතිනවා.
කොරුන්ඩම් කුලයට අයත්වන මෙම මැණික් ගල දෘඩ තාවයෙන් 9 කි.
නිල් මැණික් ,රතු මැණික් පුෂ්පරාග එකම කුලයට අයත් මැණික්ය.
පුෂ්පරාගයක් නිසි ආකාරයෙන් පැලදීමට කේන්ද්‍රය පරිකෂා කරබලා කේන්ද්‍රයට ශුභයෙක්වී,22 දෙර්කාණාධිපති,64 වැනි නවාංශකාධිපති නොවීමට වගබලගෙන නිසි ආකාරයෙන් පැලදීම කලයුතුය.

ශුභ ගුරු මහා දශා,අන්තර් දශා වලදිද පැලදීම ඉතාම යහපති.නිවැරදි ආකාරයෙන් ජෝතීශ්ය වේදියෙකුගෙන් නියමාකාරව කේන්ද්‍රය පරික්ෂාකොට නිවැරදිව පැලද ගැනිමෙන්,ප්‍රසිද්ධිය,ධනලාභ,සෞභාග්‍යය සතුට ඇතිවන බව පැරණි ඝෘෂි වරුන්ගේ මතයද වන අතර ව්‍යාපාරිකයින් හට පැලදීමට ඉතා ශුභ මාණික්ය රත්නයක් ද වේ.

ඉන්දියානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ පුෂ්පරාගය ශ්‍රි ලංකා වෙලදපලේද ඉහල මිලගනන් වලට මේවන විට අලෙවි වෙමින් පවති.සාමාන්‍යායෙන් කැරට් 2ක පමන පුෂ්පරාගයක් රු:30,000-40,000 අතර ගනන්වලට අලෙවිවේ.


නිවරදි මැණික් මිලදී ගැනිමට:-

පැලදීමට නියමිත මැණික් ස්වභාවික තත්වයේ පවතින් එකක් විය යුතුය.එමෙන්ම පුෂ්පරාග වල වර්ණය කෘතීමව ලබාදෙන් බෙරලියම් ප්‍රතිකර්ම,එක්ස් රේ ප්‍රතිකර්ම මගින් වර්ණ ගන්වන ලද මැණික් පැලදීම ඉතා අශුභවේ.එමෙන්ම ගලේ පළුදු නැති වීමටද වගබලා ගතයුතුය.
එක් එක් කෝණයට අංශකයට මැණිම් කැපීමද යම් යම් ජෝතිර්වේදීන්ගේ මතයන් අනුව වෙනස් වේ.විශ්වාසය මතම මෙම ගණුදෙනුව කලයුතුය.මිලදී ගැනිමට පෙර මැණික් හා ස්වර්ණාභරන අධිකාරියෙන් නිකුත් කරන සහතිකයක් ලබා ගැනිමට උනන්දුවන්න.මිලදී ගත් මැණික් ඇතොත් මැණිකේ ගුනාත්මක භාවය පිලිබදව එම අධිකාරියෙන් සහතිකයක් ගන්න.

එමෙන්ම මෙම මැණික පැලදීමෙදී බ්‍රහස්පතින්දා දිනයෙ සවස 3-4ත් අතර කාලයේ, පුනවාස,වීස,පුවපුටුප යන නැකත් වලින්,දබර ඇගිල්ලෙ,රත්‍රන් හෝ තඹ ලෝහයේන් කැරට් 1-3 අතර ප්‍රමානයෙන් නියමිත මන්ත්‍ර වලින් පැලදීම්ව්න් ගුණ දෙගුණ තෙගුණ කරගත හැකිය.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!