ඔබ දන්නවාද හස්ත රේඛා ශාස්ත්‍රය පදනම් වී ඇත්තේ කුමකින්ද කියා?

භාරතීය හස්ත රේඛා ශාස්ත්‍රය යනු අපි කවුරුත් දන්නා දෙයකි.කතරගමට ගියවුන් දන්නවා අති.රොඩී කුලේ උදවිය.එයට ඉතා දක්ෂයින් බව.මෙම ශාස්ත්‍රය ප්‍රධානයෙන්ම පදනම් වී ඇත්තේ..අපි කවුරුත් වදිනා දන්නා දෙවියෙක් වන කතරගම දේව කුමාරයානන් වහන්සේය.
එය මෙසේය...
භාරතයේ කතරගම දෙවියන්ගේ අන්ග ලක්ෂණ කියන්නේ මෙසේය
මුහුණු සයකි,අත් දොළොසකි,ඇගිලි හැටකි,ඇස් දොළොසකි,කන් දොළොසකි,නාස් සයකි,නාස් පුඩු දොළොසකි හා කකුල් දෙකකි යන ආදී වශයෙනි.
දැන් අපි බලමු එය කෙසේද හස්ත රේඛා ශාස්ත්‍රයට බලපාන්නේ කියා.
කතරගම දෙවියන්ගේ අත් දොලස උදාහරන කරගනිමින් මහා සෘෂි වරුන් භාරත හස්ත රේඛා ශස්ත්‍රය ගොඩ නගා ඇත.
එමෙන්ම කතරගම දෙවියන්ගේ ශ්‍රී ශරීරයෙන් ජොතීෂ්‍යද පිලිබිබුවේ.
එනම් ප්‍රධාන ශරීරයෙන් පළමුව පිහිටා ඇති අත් දෙකින් දකුණු අත කටක ලග්නයට ද,එය උතුරට ද,වම් අත සිOහ ලග්නයට ද,එය නැගෙනහිරට ද,අයිති වෙයි.සෙසු අත් පිළිවෙලින් මේෂ,වෘෂභ,මිථුන,කන්‍ය,තුලා,වෘශ්චික,ධනු,මකර කුම්භ සහ මීන වශයෙන් වෙන්කර ඇත.
ස්කන්ධ දෙවියන්ගේ මුහුණු සය පිළිබිඹු කරන්නේ සෘතු හයයි.එනම්,වසන්තය,ග්‍රීෂ්මය,වස්සාන,සරත්ය,හේමන්තය,සිසිරය වශයෙන් ඒවා හදුන්වයි.ඇඟිලි හැට දවසේ(සිOහල)පැය හැටත්,දෙකකුල් රෑ හා දහවල් යනුවෙන් බෙදා දක්වා තිබේ.මෙම ක්‍රමයට ස්කන්ධ දෙවිදුන්ගේ සියලු ම ඉන්ද්‍රියන් ග්‍රහ වස්තුන් බවට පත් කර තිබේ.
මෙම ආකාරයට කතරගම දෙවියන්ගෙන් ජෝතීෂ්‍යත් භාරත හස්ත රේඛා ක්‍රමයත් පුරාන සෘෂි වරුන් විසින් නිර්මානය කොට පුස්ථක වල සදහන් කර ඇත.

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!