ප්‍රේත පාදය:~
ප්‍රේත පාදයේ ගේ සෑදීමෙන් පිරිසිදුකම,අලංකාරය,පලදීම අඩුවේ.එම කොටසේ ගෙවල් සෑදීමට නුසුදුසු දෝෂ සහිත කොටසක් ලෙස වාස්තු විද්‍යවේ පෙන්වා දේ.මෙම කොටස ගෙදර ඇති කරන සතුන් සඳහාද,කුණු කසල දැමීම,වැසකිළි,කැසිකිළි, ආදිය සදහා යෝදා ගත හැකිය.ප්‍රේත පාදයේ ළිද කැපීමත් ශුභ නොවේ.කුඩා ඉඩමක එක් කොටසක් හෝ ප්‍රේත පාදයට අත හැරිය යුතුයි.ඉඩමත් සමග පාරක් ඇත්නම් එම කොටස ඉඩමේ කොටසක් සේ සලකා ප්‍රේත පාදයට ගත හැකිය.

මනුෂ්‍ය පාදය:~
මේ නමින් ගම්‍ය වන්නේ මනුෂ්‍යයින් සඳහා සුදුසු යන්නයි.මිනිස් වාසයට ඉතා සුදුසුය.
දේව පාදය:~
ඉඩමක දේව පාදයේ ගෙය සෑදීම වඩාත් උචිත වන්නේ රාජකීය ප්‍රභූවරුන්ටයි.නමුත් කුඩා ඉඩමක නම් මෙම කොටසත් සම්බන්ධ කරන ගෙය සෑදුවාට කම් නැත.
බ්‍රහ්ම පාදය:~
ඕනෑම හැඩයකින් යුත් ඉඩමක හරි මැද මෙම පාදය පිහිටයි.පූජනීය ස්ථානයන් සෑදීමට ඉතා සුදුසුය.මෙම කොටසේ ගෙයක් සෑදීම නුසුදුසු වූවත් කුඩා ඉඩමක් නම් මෙම කොටස අත හැරීමට අපහසු බැවින් එම කොටසද අල්ලා ගෙය සදා නොපෑගෙන සේ මල් පොච්චියක් හෝ විසිතුරු භාන්ඩයක් තබන්න.මෙහි ලිද හෝ වැසකිලි වල කැපීමටද සුදුසු නැත.එම කොටස ඉඩමේ උතුම්ම කොටසයි.ඒ වගේම ගෙයි මැදද ඉඩමේ බ්‍රහ්ම්ම පාදයේ නොපිහිටිය යුතුයි.එය ගෙයි මැද නොවිය යුතුයි.පැරණි ගෙවල් වල මැද මිදුලක් සදා ඇත්තේ මෙම හේතුව නිසා බව අප දැනගත යුතු කරුනකි.
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!