විෂය ක්ෂේත්රය නම් අන්නතාපරිමාණ සක්වළ ලෝක ධාතු පිළිබඳ කැමතිවන ප්රදේශයයි.තථාගතයන් වහන්සේට එක විෂය නොවන එකදු ලෝක ධාතුවක් නැති නිසා.සියලුම ලෝක ධාතුන් උන්වහන්සේට ව්ෂය වේ.මඟුල් සක්වළ ඇතුළුවු මේ කෝටි ලක්ෂයක් සක්වළ විනාශයද හට ගැනීමද එකටම සිද්ධ වන්නේය.ස්වභාව ධර්මය නිසා ඇතිවන ලොව ස්වභාව ධර්මයෙන්ම නැසෙන බව මුලින්ම සඳහන්කර ඇත්තේය.ඒ අනුව විනාශ වන්නේ ගින්න ජලය වාතය යන ත්‍රිවිධ ධාතුන්ගේ කෝපය හේතුකොට ගෙනයි.එහෙත් එක්වරම මේ ධාතු තුන කිපෙන්නේ නොමැත.පිළිවෙළින් සත්වරක් ගින්නෙන් නැසී යන බවද,අටවෙනි වාරයේ ජලයෙන්ද මේසේ සැටතුන් වරක් නැසී ගිය කල සැටසතරවෙනුවර වාතයෙන් නැසෙන බවද දක්වා ඇත්තේය.
ගින්නෙන් ලොව නැසීමේදී ආහස්සර නම් බඹලොවින් යට සියල්ලද ජලයෙන් විනාශ වීමේ සුභණ්ණක බඹලොවින් යට සියල්ලද වාතයෙන් ලොව නස්නා කල වෙහප්ඵල බ්‍රහ්ම ලෝකයෙන් යට සියල්ලද විනාශ වන බව දක්වා තිබේ.
ගින්නෙන් නැසෙන අයුරු:~
ලොව ගින්නෙන් නැසීමට අවුරුදු දහසක් පමණ තිබියදී කාමාවචර දේවතාවෝ මිනිස් ලොව හැසිරෙමින් මිනිසුන්ට ලොව නැසෙන බව ප්‍රකාශ කරයි.ඔවුහු හිසකේ පිට විදාගෙන කදුළු පිරිණු ඇස්වලින් යුකතව"මනුෂයනි මෙතැන් පටන් වර්ෂ දහසක් ගිය කල මේ ලොව නැසෙයි අපාය,මිනිස් ලොව,දෙවිලොව ආදී ලෝකද මහා පෘථුවියද චන්ද්‍ර සුර්්‍යය වස්තුන්ද විනාශ වේ.ඒහෙයින් පින් රැස් කරගනිවු"කියා කියා යයි.නුවනැත්තන් මෙ බස් අසා පින් රැස් කරගනි.නමුත් බුදුන් කෙරෙහි කිසි විශ්වාසක් නැතු වුන් දූ කෙලියෙහි යේදී තව තවත් පවුම රැස් කරගනි.
ගින්නෙන් ලෝකය විනාශවීමේදී ප්‍රථමයෙන් මහා මේඝයක්ල වස්සක් ඇතිවෙයි.එය කෝටි ලක්ෂයක් සක්වළ එක පැහැර වස්නේය.මෙයට"කල්ප විනාශකය මහා මේඝය"යයි නම් කරති.ගවයන් කාපියන තරම් ධාන්‍ය ඇති වු කල ගොයම්පැල දි්යුණුව කල වැස්ස අතුරු දහන්වෙයි මහා ශබ්ද පවත්වමින් ඇති වන අහස ගෙරවීම විනා වැස්ස සම්පූර්ණයෙන්ම අතුරුදන් වේයි.මේ බව තථාගතයන් වහන්සේ"සප්ත සුර්යෝද් ගමන"සුත්රයෙහිදී මෙසේ දේශනා කළ සේක.
බොහෝ වු වර්ෂ ලක්ෂයකුත් ඉක්ම ගිය කල පෘථුවියට වර්ෂ ජලය නොලැබෙන කලක් ඇති වන්නේය යනු එහි අදහසයි.මේ සිදුවන වැසි නෝලැබෙන කාලය අසවල් කාලයේයයි තථාගතයන් වහන්සේ නොවදාළ සේක.මිනිස් ආයු ගණනින් එය විනිශචය නොකළ හැකි හෙයිනි.මෙසේ හෙයින් අනාගතයේ ලොව පහළවන මෛත්‍රීය තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයද අභාවයට යාමෙන් පසු ඉතා ඈත අනාගතයේදී මේ විනාශය වන බව මෙයින් තථාගතයන් වහන්සේ වදාළ සේක.
පුථොක්ත ආකාරයෙන් වැස්ස අභාවයට ගිය කල්හි වර්ෂ සිය දස් ගණන් කල් නොවැසි කල්හි ඖෂධ ගස්,තල්,පොල්,කිතුල්,සැවැන්දරා ආදී තෘණ ජාතිය න්යග්රෝධාදී වන්ස්පතී වෘක්ෂයෝද යන යම්කිසි බීජගාම,භූතගාම සඛ්යාතවු තෘණ වෘක්ෂ ලතා වියලෙන්නාහුය නැවත හට නොගන්නහුය.වෘක්ෂ ලතාදිය ඇසුර්ය් කොට පුෂ්ප ඵල ආහාර කොට ජිවත්වන දෙවි දේවතාදීහුද යක්ෂ,ගරුඩ,නාග,සිද්ධ භුතාදීවු සත්වයොද නොයෙක් පීඩ විදිමින් මිය දෙවිලොව උපදිති.සියලුම මනුෂ්‍යයෝද මැරී දෙවිලොව උපදිත් එපමණක්ද නොවේ තිරචජාතජාතික,පෙත්තීවිසයික,නෙරයික අසුරකායික යන සතර අපාගත සත්වයෝද කළුරිය කොට දෙවිලොව උපදිති.මොවුහු කුමන කුසල බලයකින් දෙවිලොව උපදින්නහුද අපරාපරියවේදනීය කුසල බලයෙනි.නියත මිථ්යාදෘෂ්ඨිකයෝද පවු කරවුන්ද සතර අපායෙහි ඉපදී මහදුක් විදිනනාහුය.
2වන සුර්යාගේ පහල වීම:~
මෙසේ කෝටි ලක්ෂයක් සක්වාළ එකපැහැර මහත් සූදානම්න් ලෝක විනාශායක පෙර නිමිති ඇති කරවමින් කාම භාවයන්හි සත්ව ශූන්‍යව වර්ෂ දහස් ගණන් කල් අවුරුදු ඉක්ම ගියාට පසු ඉතා දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් දෙවෙනි සුර්යාගේ පහලවන බව තථගතයන් වහන්සේ වදාරා ඇත්තේය.
මේ දෙවනෛ සුර්යාගේ පහලවීමෙන් පසු කුඩා නදී,සුළු තඨාක විල් ආදීන්ගේ ජලය වියළී යන්නේය.දඹදිව පවත්නා පංචමහා ගංගාවන්ද එයද සමානවු වෙනත් ගංගාවන්ද හැර අනෙක් සියලු ගංගා,විල්,ඇල දොල,වැව් ආදීන්ගේ ජලය වියලී යන්නේය.තවද එක සුර්යෙක් බැස යන කල අනෙක් සුර්යා උදාවන්නේය...මෙසේ රෑ දවාල් යන සම්මතයද නැති වී යන්නේය.
3වන සූර්යාගේ පහලවීම:~
නැවත ඉතා දීර්ඝ කාලයක් ඉක්ම ගිය කල තුන්වන සූර්යා පහළ වන්නේය.මේ තුන්වෙනි සුර්යා පහළවීමෙන් පසු ගංගා,යමුනා,අචිරවති,සරගු මගී යන පංචමහා ගංගාවෝද වියළී යන්නේය.සිදී යන්නේය එයට සමාන වු වෙනත් ගංගාවන්ද සිදී යන්නේය.
යොදුන් දෙසිය බැගින් දිගු අනවතප්ත විල ඇතුළට වැසිය හැකි පිය ගැට පන්තියද නාන තොටුපල වලින්ද යුක්තය.විල වටා පර්වත සතරක් ඇත්තේය එයින් චිත්‍රකූට,කාලකූට,ගන්ධකූට යන පර්වත තුන රන්වන් පාටින්ද කාල වර්ණයෙන් හා රක්ත වර්ණයෙන්ද යුක්තය යොදුන් සියයක් පමණ උස ඇති ස්වර්ණමවු සුදර්ශන පර්වතය කාකමුඛ තුණ්ඩාකාරයෙන් විල වසාගෙන් සූර්ය තාපය වළකමින් සිටියි අනවතප්ත විල ප්‍රභව කොට ඇති ගංඟා ආදී පංචමහා නදීහූද වෙනත් එබදු ගංඟාද වියළී යන්නේය.
4වන සුර්යාගේ පහලවීම:~
තවත් කාලාන්තරයක් ඇවෑමෙන් සර්තරවන සූර්යා පහළ වෙයි එකල සප්තමහා විල්වල ජලය වියළී යන්නේය.සතරවන සූර්යාගේ පහළවීමෙන් මහානදීන්ගේ පටන් ගැනීමේ මුලස්ථාන වු අනවතප්තය,සිංහ ප්රපාතය,රථ කාරය,කර්ණමුණ්ඩය,කුණාලය,ඡද්දන්තය,මන්දාකිණිය යන සප්ත මහාබ්විල්වල ජලය වියලෙන්නේය.සිදෙන්නේය.(අනවතප්ත විල ගැන කෙටි සටහනක්-ඡන්දන්ත විල ආදී සප්තමහාවිල් දිගු පුඅලිලි හා ගැඹුරින් පාණස් යොදුනැයි අටුවාන්හි දක්නා ලැබේ.ඡ්ද්දන්ත ආදී ජලජ පුෂ්පයන්ගෙන් සැඳුනේ අඹ,දඹ,නා,කෙසෙල්,පලු,වීර ආදී නානා,ප්‍රකාර ඵල හරිත තරුගණයාගෙන් අලංකාරවත් වුයේ මහා සෘද්ධි සම්පන්න දෙවි දේවතාවන්ගේද ධ්‍යානලාභීන්ගේ ද පරිබොජනයට සුදුසු ජලයෙන් පිරුණේ මහා පර්වත වළලු වලින්ද ශෝභමාන වෙයි.)මෙවනි වූ විශාල වු ශෝභමාන වුද අනවතප්ත විල සතරව සූර්යාගේ පහළ වීමෙන් සිදී වියලී යයි.
5වන සූර්යාගේ පහලවීම:~
නැවත කාලාන්තරයක් ඇවෑමෙන් පස්වන සූර්යා පහළවේ.මෙකල මහා සමුද්‍රය ජලය වියලූ යන්නේය ඒ බව තථාගතයන් වහන්සේ මෙසේ වදාල සේක.
සියයක් යොදුන් මහා සාගරයේ ජලය වියළී යයි.දෙසියක් යොදුනුදු,තුන්සීයක් යොදුනුදු මහා සමුද්‍රයේ ජලය ඌනත්වයට පත්වේ.තුන්දහසක් යොදුනුදු,දෙදහසක් යොදුනුදු සමුද්‍රයේහි රත්වු ජලය සිට්යේයි නවසියයක් යොදුනුදු මහා සමුද්‍රයෙහි ජලය සිටිනේය.පණස් යොදුන්ක පමනද,සත්තලක්,සයතලක්,පස්තලක්,සිවුතලක්,තුන්තලක්,දෙතලක්,එක් තලක් පමණද සමුද්‍ර ජලය ක්‍රමයෙන් හීන වේ.(මෙසේ තල නම් අයුරින් විස්තර කොට ඇත්තේ තල් ගසේ උස ප්‍රමානයයි.)
මෙම අයුරින් ක්‍රමයෙන් සිඳීගොස් අන්තිමට සත් රියන්,සය,පස්,සිවු,තුන්,දෙ,එක් රියන් තරමට ජලය සිටින බව දැක්වු සේක.
තවද සරත් සමයේදි වැසි වැටී ඒ ඒ තැන්හි ගවකුරවලින් සෑදුනු වළවල ජලය පිරී සිටින සේ ක්‍රමයෙන් ජලය පිරිහී ගොස් අවසානයේ ඇඟිලි පුරුකක් තෙමෙන පමණකුදු ජලය නමැති ලෙසින් හීනවෙයි.
6වන සූර්යාගේ පහළවීම:~
ඉක්බිත්තෙන් තවත් කාලාන්තරයක්හුගේ ඇවෑමෙන් සයවන සූර්යාද පහළවෙයි.එය පහලවීමෙන් පසු පෘථුවියද මහ මෙර පර්වතයත් දුමාර බවට පත්වේ.ඒ බව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
ඉතා දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් සයවන සූර්යාද පහළ වන්නේය.මේ සයවන හිරුගේ පහළවීම නිසා මේ මහා පෘථුවිය සිනෙරූ පර්වත රාජයාද යන දෙදෙන දුම් නැගෙති. හාත්පසින් දුම් නගෙති.එකම ධුම ස්කන්ධයක් මෙන් දුමින් පිරී යනවා.කුබලකරුවගේ පොරනුවසේ මහමෙර හා මහා පෘථුවිය උෂ්ණයෙන් තැවී කකිය කකියා දුම් නගී හාත්පස එකම දුම් ගුලියක් මෙන් දුමාරයක් මෙන්වේ.
7වන සූර්යාගේ පහළවීම:~
තථාගතයන් වහන්සේ ලෝක විනාශය වන හැටි වදාරණ සේක.සප්ත සූර්යෝද්ගමනය පිළිබදව දේශනා කරමින් සත්වෙනි හිරුගේ පහ්ළ වීමෙන් කෝටි ලක්ෂයක් සක්වළ එකම දුමාරයක් බවට පත්වන අයුරු වදාරා අනතුරුව සත්වෙබ් සූර්යාගේ පහළවීමෙන් කෝටි ලක්ෂයක් සක්වළ ගිනිගන්නා බව දේශනා කළ සේක.
සත්වෙන් සූර්යාගේ පහළ වීමෙන් මේ මහා පෘථුවියද මහමෙර පර්වත රාජයාද ගින්නෙන් ඇවිලෙන්නාහුය හාත්පසින් ගිණිගෙන ඇවිලෙන්නාහුය එකම ගිනි දැල්ලක් මෙන් වන්නාහුය.
මහා පෘථුවිය හා මහාමෙර ගින්නෙන් දැවෙන් කල එයින් නඟින ගිණි දැල්ල බඹලොව දක්වා නගී ගින්නෙන් ලොව නැසෙන කල ආභස්සර නම් බඹලොව දක්වා බව මුලින්ම විස්තර කොට ඇත.මහමෙර ගින්නෙන් කල සියක් යොදුන්,දෙසීයක් යොදුන්, පමණ වූ මහ ගල්කුළු ඉන් කැඩී ගින්නෙන් දවි දවි අහසෙහිම විනාශ වන්නේය.යොදුන් හාරසිය පන්සිය බැගින් පමණවූද මහ ගල් කැබලි මහමෙරින් කැඩි කැඩි බිඳි බිඳී එකිනෙක පැහැර ගින්නෙන් දැවෙමින් අහසෙහිම විනාශ වී යන්නේය.
යම්සේ තලතෙල් හෝ ගිතෙල් ගින්නෙන් දැවෙන කල අළුත් ඉතිරි නොවී නස්නේද එහි දැලි නොපෙනේද එමෙන්ම ගින්නෙන් දවෙන්නවූ මහා පෘථුවියේ හෝ මහමෙර පර්වතයේ දැලි හෝ අළු හෝ ඉතිරි නොවෙයි.ගුවනෙහි පාවෙන ශුද්ධාෂටක හෙවත් පරමාණු බවට පත් වේ.මහා පෘථුව්යේද මහමෙර පර්වතයේද මේ විනාශය ලෝකෝත්තර මාර්ග ඵලවබොධය කළ අය හැර කෙසේ පිළිගනිද යනුවෙන් දශනා කොට ඇත.
මෙසේ ක්‍රමයෙන් එක චක්රවාටයකට අයත් මහා පෘථුවියද හා මහමෙර පර්වතයද,යුගන්ධිරාදී සත්කුළපවුද,චතුර්මහා රාජකාදී සදෙව්ලෝද ප්රථමදධ්යාන රූපවචර භූමිය වන බ්‍රහ්ම පාරිසජ්ජ,බ්‍රහ්ම පුරෝහිත,මහා බ්‍රහ්ම යන බඹලෝ තුනද ගින්නේන් දැවී විනාශ වන්නේය.
අහස්සර නම බඹලොව දක්වා උස්වු ගිනි දැලිවලින් යුක්ත ගිණිගෙන ඇවිලෙමින් දිලිසෙමින්,ගුගුරමින්,පිපිරෙමින්,අස,නිපාත(හෙණ)කෝටි සතසහශ්‍ර ගර්ජනා සෙයින් සමස්ත ලෝකය බිය කරවමින් ඇතිවන මේ කල්ප විනාශක මහා ගින්නට අසුවු සියලුම දෙස සුණු විසුණු කෙරෙමින් දෑඟිල්ලෙන් අසුකොට ගන්න තරම්"අළු,දැලි,අගුරු" නැතිව යට අජටාකශයේ පටන් උඩ ආහස්සර බඹලොව දක්වා එකකුහරව ඝණාන්ධකාරව පවත්නේය.කොටි ලක්ෂයක් සක්වාල මෙසේ දැවෙමින් සත්ව ශූන්‍යව ඝණාන්ධකාරව පවත්නා බව දක්වා ඇත්තේය.
ගින්නෙන් දාගිය තැන පටන නැවත අනතං කල්ප 20ක් ගතවනතුරු ලෝක කුහරය එකපැහෑර ඝණාන්ධකාරව පවත්නා බවද දක්වා ඇත මෙසේ අනත්ං කලෝ 40ක් ඉක්ම ගිය කල නැවත ලෝක ධාතුව හට ගැනීම ආරම්භ වන්නේය.
No comments:
Post a Comment
මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!
ඔබට බොහෝම ස්තුතියි !, Thank you!