මොකක්ද්ද තුන්තරා බෝධීන් කියන්නේ ? [ PARAMITHA 03, PARAMI 10, UPA PARAMI 10, PARAMATHTHA PARAMI 10, BUDU, PASE BUDU, MAHARAHATH ]

මේ බෝධීන් තුනෙන් එකකින් තමයි අපිට දවසක නිවන් දකින්න පුළුවන් කියල දේශනා කරලා තියෙන්නේ  !

මේ මාර්ගය පෙන්වාදී ඇත්තේ බුදුහාමුදුරුවෝ !

තුන්තරා බෝධීන් නම්

1. බුදු (පැවිදි වීම අනිවාර්ය වේ !)
2. පසේබුදු (පැවිදි වීම අනිවාර්ය වේ !)
3. මහරහත් (ගිහියන්  වන අපට, මහණ වීමකින් තොරව ලගාකරගත හැක!)

අපි කොහොමද මේ තත්වයන් ලගා කරගන්නේ !

අපි පාරමිතා පුරන්න ඕනි !

මොකක්ද පාරමිතා කියන්නේ ?

අපි ඉපදෙන ආත්ම වල කරකියාගන්න සිතන, කුසල ක්‍රියාවන් (සරලව )!

බුදු වීමට පිරියයුතු පාරමිතා මොනවද ?

1.පාරමී
2.උපපාරමී
3.පරමත්ථ පාරමී

මොනවද පාරමී ?

දාන ශීලා දී ගුණධර්ම පුහුණු කිරීමේ දී තමන්ගේ ගේදොර, ඉඩකඩම්, මිලමුදල් ආදියට හානි පැමිණියත් කිසිදු කම්පාවකින් තොරව ද, ඒවා අවශ්‍ය විට පරිත්‍යාග කරමින් ද එම ගුණදහම්හි යෙදීම පාරමී නම් වේ.

බලමු මොනවද මේ පාරමී දහය කියල .

1.දාන පාරමිතා
2.සීල පාරමිතා
3.නෛෂ්ක්‍රම්‍ය "නෙක්කම්ම " පාරමිතා
4.ප්‍රඥා පාරමිතා
5.වීර්ය පාරමිතා
6.ක්‍ෂාන්ති පාරමිතා
7.සත්‍ය පාරමිතා
8.අධිෂ්ඨාන පාරමිතා
9.මෛත්‍රී පාරමිතා
10.උපේක්‍ෂා  පාරමිතා


මොකක්ද උපපාරමී කියන්නේ ?


බාහිර වස්තු පමණක් නොව අත් පා ආදී ශරීරාංග ද පරිත්‍යාග කරමින් , ශිලාදී ගුණධර්ම වෙනුවෙන් ශරීරාංගයක් නැතිකර ගැනීමට වුව ද ඉදිරිපත්වෙමින් එම ගුණදහම් පුරන විට උපපාරමී නම් වේ. 

බලමු මොනවද මේ උපපාරමී දහය කියල .

පාරමී දහය ශරීරාවයව පරිත්‍යාග කරමින් කිරීම !

1.දාන පාරමිතා
2.සීල පාරමිතා
3.නෛෂ්ක්‍රම්‍ය "නෙක්කම්ම " පාරමිතා
4.ප්‍රඥා පාරමිතා
5.වීර්ය පාරමිතා
6.ක්‍ෂාන්ති පාරමිතා
7.සත්‍ය පාරමිතා
8.අධිෂ්ඨාන පාරමිතා
9.මෛත්‍රී පාරමිතා
10.උපේක්‍ෂා  පාරමිතා


මොකක්ද පරමත්ථ පාරමී කියන්නේ ?

ජිවිතයද කැපකරමින් පෙරුම්දම් පිරීම පරමත්ථ පාරමී වේ. 

බලමු මොනවද මේ පරමත්ථ පාරමී දහය කියල .

පාරමී දහය ජිවිතයම පරිත්‍යාග කරමින් කිරීම !

1.දාන පාරමිතා
2.සීල පාරමිතා
3.නෛෂ්ක්‍රම්‍ය "නෙක්කම්ම " පාරමිතා
4.ප්‍රඥා පාරමිතා
5.වීර්ය පාරමිතා
6.ක්‍ෂාන්ති පාරමිතා
7.සත්‍ය පාරමිතා
8.අධිෂ්ඨාන පාරමිතා
9.මෛත්‍රී පාරමිතා
10.උපේක්‍ෂා  පාරමිතා


පසේබුදු  වීමට පිරියයුතු පාරමිතා මොනවද ?

1.පාරමී
2.උපපාරමී


මහරහත් වීමට පිරියයුතු පාරමිතා මොනවද ?

1.පාරමී


----------------------------------------------------------------
බොහෝදෙනෙක් ධර්මය වැරදියට තේරුම් අරන් තියෙන්නේ !
බොහෝදෙනෙක් වැරදියට තමයි කියල දෙන්නේ !
බොහෝ දෙනෙක් වැරදි ආදර්ශ තමයි දෙන්නේ !
අද උදේ දවල් හවස බණ අසන තරමට ඇයි මිනිසුන් ඒ මාර්ගවල යන්නේ නැත්තේ !
ඇයි හොද එක බණක් අහගන්න රුපියල් 50,000/-ක පිරිකරවල් , ගායකයොත් පිරිකර නොකිවුවට එක වේදිකාවකට ගොඩවෙන්න රුපියල් පනස් දහසයි මුදලින් !
 ඒ වැරදි පෙන්නලා දෙන්න ගියොත් මටත් අකුසල කර්මයක් එකතුවෙනවා ! එනිසා මම ඒවාගැන කියන්න යන්නේ නෑ.

https://aroundtheworldlk.blogspot.com
[PARAMITHA 03, PARAMI 10, UPA PARAMI 10, PARAMATHTHA PARAMI 10, BUDU, PASE BUDU, MAHARAHATH]

Ceylon Dream Bully Kennel

Thank you for watching!

No comments:

Post a Comment

මොකුත් නොකිය යන්න එපා!Do not go no saying, place comment!

ඔබට බොහෝම ස්තුතියි !, Thank you!