
මේ භාවනාවේදී කිසිම අරමුණක් ගැන මෙනෙහි කරන්නේ නෑ. භාවනාවේදී කරන්නේ පහසු ඉරියව්වකින් වාඩිවෙලා කිසිවක් නොහිතා ඉදීම. කයේ කිසිම සෙලවීමක් නොකර හිතින් කිසිවක් නොසිතා ඉන්න උත්සහා කරන්න. ධ්‍යාන ලබාගැනීම සඳහා කයේ සෙලවීම් නතර කරගැනීම අත්‍යවශ්‍යයි.කිසිම අරමුණකට අවධානය නොදක්ව ඉන්න.
ආරම්භයේදී භාවනාව කිරීම ටිකක් අමාරුයි. කිසිවක් නොහිතා ඉන්න කොච්චර උත්සහ කලත් හිතට එන විවිද අරමුණු වලට ඉබේම අවධානය යොමු වෙලා ඉබේම ඒවා පිලිබඳ සිතුවිලි පහල කිරීම සිද්ධවෙනවා. ටික වෙලාවකින් ආපහු සිහිය පිහිටුනම තමා අපි දන්නෙවත් නැතුව අපේ හිතෙන සංස්කාර පහළ කරමින් ඉදල තියෙන බව තේරෙන්නේ. ඒත් ටික වෙලාවක් උත්සහා කලාම ඉක්මනින් හිත එක්තැන් වෙනවා. ඒ වෙලාවට හිතේ කිසි අරමුණක් නැති නිසා හිතට වෙහෙසක් නැති නිසා හිතට ලොකු සැහැල්ලුවක් සතුටක් ඇතිවෙලා (ප්‍රීති ධ්යානාංගය) හිත හොදින් සමාධිගත වෙනවා.
සාමාන්‍ය භාවනා වලදී ධ්‍යාන ලැබෙන්නේ මේ පිළිවෙලට
1 - විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රතමධ්යානය
2 - විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතියධ්යානය
3 - ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තෘතියධ්‍යානය
4 - සුඛ ඒකග්ගතා සහිත චතුර්තධ්යානය
ඒත් අනිමිත්ත සමාධියේදී හිත එක්තැන් කරනකොට හිත කෙලින්ම පත් වෙන්නේ 3වෙනි හෝ 4වෙනි ධ්‍යානයට. එකට හේතුව මේ භාවනාවේ අරමුණක් නැති නිසා විතර්කය හා විචාරය කියන ධ්‍යාන අංග හිතේ පවතින් නෑ. අරමුණක් නැති නිසා පවතින්න හේතුවකුත් නෑ.
මේ භාවනාව පොඩි වෙලාවක් උනත් හරියට කලොත් හිතේ ඉබේ සංස්කාර පහළවීම (ඉබේ සිතුවිලි හිතීම, අතීත දේවල් මතක් වීම, අනාගතය ගැන දවල් හීන මැවීම ) (මනෝ පාරවල් ගැසීම) නැති වී ඉතා හොදින් සිහිය පිහිටනවා අත්දකින්න ලැබෙනවා. භාවනාව කලාට පස්සේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරනකොටත් ඉතාම හොදින් සිහිය පිහිටලා තියෙනවා. මතක ශක්තිය ගොඩක් වැඩිවෙනවා.
මේ භාවනාව කරන්න කලින් තමන් ලබන්න කැමති යම් අධිමානසික හැකියාවක් තියෙනවනම් භාවනාව කිරීමෙන් එය ලැබේවා කියල හිතල භාවනාව කලොත් හොදින් හිත එක්තැන් උනාම (මාස 3කින් පමණ) ඒ හැකියාව ලැබෙනවා. ඒත් එක පීට එක විවිද දේවල් ප්‍රර්ථනා කිරීමෙන් ලැබිලා තිබෙන හැකියාවලුත් නැතිවෙලා යනවා. මිට අමතරව භාවනාව ප්‍රගුණ කරනකොට අනාගතේ වෙන දේවල් දැනීම, අනුන් හිතන දේවල් දැනීම වගේ හැකියා ඉබේම ලැබෙනවා.
අනිමිත්ත සමාධිය වඩන ගොඩක් අය තරමක් සාර්ථක උනාම තමන්ගේ හිතේ මුකුත් නැති බවක් දැනෙන නිසා හිතනවා තමන් රහත් වෙලා කියලා. මේක සම්පුර්නෙන්ම මුලාවක්. මේ භාවනාව මගින් මාර්ගඵල ලබාගැනීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය නොකර නිකන්ම භාවනාව කලාට මාර්ගඵල ලැබෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නැති උනා කියල රහත් වෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නෑ වගේ දැනුනට ඇත්තටම නැත්තේ නෑ ඉතාම සියුම් සිතුවිලි පරම්පරාවක් (චිත්ත වීති) මේ භාවනාවෙන් ධ්‍යාන ලැබූ අවස්ථා වලත් හිතේ පවතිනවා. ඒ නිසා තරමක් සාර්ථක උන ගමන් තමන් රහත් වෙලා කියලා මුලා වෙන්නෙපා. රහත් වීම කියන්නේ හිතේ කිසි සිතුවිල්ලක් නැති වීම නෙවෙයි.
(උපුටා ගැනීමකි rawanaking.blogspot.com - ධර්මය බෙදාහැරීම සදහාය, කිසිම වෙනත් අරමුණක් නැත !)
(මෙම ලිපි උපුටාගැනීමෙන් වලකින්න.)
ඉතා අගය කරමි. සියළු ලෝක සියළු සත්වයෝ නිබ්භාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ..
ReplyDelete